පාතාලයෝ රජ කරති.. ගෙට පැන වෙඩි තබා දෙදෙනෙකු මරා දමයි..
August 26, 2019 at 8:02 am | lanka C news
ඊයේ රාත්රී 10.00ට පමණ පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ හංවැල්ල පහත්ගම ප්රදේශයේදීය.
යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු නිවසකට ඇතුළු වී නිවසේ හිමි කරුටත් එහි සිටි තවත් පුද්ගලයෙකුටත් වෙඩි තබා මෙම ඝාතනයන් සිදු කර ඇත.
වෙඩි වැඳීමෙන් තුවාල මෙම පුද්ගලයින් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඔවුන් 43 හා 32 හැවිරිදි වෙයි.
පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.