පාතාල ණය ක‍්‍රමයක් රට පුරා.. පොලිය 30% සිට 100% දක්වා..

April 5, 2019 at 12:00 pm | lanka C news
පාතාල ණය ක‍්‍රමයක් රට පුරා.. පොලිය 30% සිට 100% දක්වා..

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

එදා අපේ ගම්වල අහිංසක ජනතාව කුඩා කණ්ඩායම් ලෙස එක්ව හදිසි අවශ්‍යතාවයකදී  ප්‍රයෝජනයට ගැනීමට මුදලක් ඉතිරි කිරීමටත්, තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටත් අවිධිමත් ණය ක්‍රමයක් තම කණ්ඩායම තුළ  ක්‍රියාත්මක කිරීමටත් පුරුදුව සිටියහ. නිවසේ අවශ්‍යතා මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපුරා ගැනීමට ගම තුළ සීට්ටු ක්‍රමයක් ද එදා ක්‍රියාත්මක වුනි.

පසුගිය දශක පහකට ආසන්න කාලයක් තුළ බොහෝ සංවිධාන විසින් ‍මෙම කණ්ඩායම් ක්‍රමය කෘතීමව යොදාගනිමින් ගමේ තිබු සාමුහිකත්වය ලාභ ඉපයීමේ ක්‍රමවේදයකට පෙරලා ගත්හ. මේ තුලින් ක්‍ෂුද්‍ර මුල්‍ය සංකල්පයේ පදනම වු දුප්පතා මත විශ්වාසය තැනීමේ මූලික හරය ගමෙන් ඉවත් කළහ.

ණයක් ලබා ගැනීමට විශ්වාසය පමණක් ප්‍රමාණවත් නොවුනි. අහිංසක ගැමියාට ඒ සඳහා කුමක් හෝ දේපලක් උකසට තැබීමට සිදුවුණි. ධීවරයාට ධීවර ආම්පන්නත්, ගෘහණිය සතුව තිබු මහන මැෂිමත්, පාපැදිය, යතුරු පැදිය, මෙන්ම ගොවියාගේ වතුර මෝටරය ඇතුළු කෘෂි උපකරණත් ඇපකර වශයෙන් තැබීමට සිදුවී ඇත. තම ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම, නියගය නිසා අපේක්ෂිත අස්වැන්න නොලැබීම වැනි හේතු, ලබාගත් ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයකට ගැමියා ඇද දමා ඇත. ආණ්ඩුව අයවැය යෝජනා මගින් ජනතාව ලබා ගත් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය කපා හරින බව දිගින් දිගටම පැවසුවද, ණය ලබා දුන් ආයතන මොනවාදැයි හඳුනා ගැනීමට නොහැකි බව පවසා මෙතෙක් ණය කපාහැරීමක් සිදු කර නොමැත.

වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය ඊටත් වඩා දරුණුය. ලියාපදිංචි ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වලට වඩා පුද්ගලික ණය මුදල් සපයන්නන් රටපුරා ව්‍යාප්තව ඇත. ණය සඳහා ඔවුන් අය කරන පොලිය වසරකට 30% සිට 100% දක්වා වු පරාසයක පවතී. ණය ලබාගත් දින සිටම ණය ආපසු ගෙවීම ආරම්භ වේ. ණය වාරික අයකර ගැනීමට ණය ලබා දෙන අයගේ නියෝජිතයා ණයකරුගේ නිවසටම පැමිණේ. ණය ගෙවීම ප්‍රමාද වීම්, බැනවැදීම්, තර්ජණය කිරීම් පමණක්   නොව විවිධ ආකාරයේ අල්ලස් ලබා ගැනීම් දක්වා ව්‍යාප්තව ඇති බව වාර්තා වේ. ඇතැම් විට පාතාලය හා  සම්බන්ධවී ගෙන යන මෙම ණය ජාවාරම ග්‍රාමීය ආර්ථිකය විකෘති කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමටත්, අහිංසක පවුල් ජීවිත විනාශ කිරීමටත් ප්‍රබල හේතුවක් බවට පත් වී ඇත.

ණය මුදල ලබා ගැනීමට බැංකු ඉල්ලන සුදුසුකම් කිසිවක් අහිංසක ජනතාව සතුව නැත. උකසට තැබු කණකර ආභරණ බැංකුවට සින්න වී ඇත. ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය මුලික ප්‍රාග්ධනය හෝ ඔවුන් සතුව නැත. මේ වනවිට ග්‍රාමීය ආර්ථිකය දරුණු ප්‍රපාතයකට ඇද වැටී හමාරය.

මෙවන් තත්වයක් හමුවේ පාතාලය හා බැඳුනු නීති විරෝධි ණය ක්‍රම සමාජයෙන් ඉවත් කිරීමටත්, අවිධිමත් ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන හරහා ලබාගත්, ගෙවීමට නොහැකි ණය වහා කපා හැරීමටත්, ආණ්ඩුව කටයුතු කළයුතු බව මෙම ගරු සභාවට යොජනා කර සිටින අතර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන ක්‍ෂුද්‍ර මුල්‍ය සේවාවක් බිම් මට්ටමේ ස්ථාපිත කළ යුතු බවත් යෝජනා කරමු.

මේ සම්බන්ධව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙස ද ඉල්ලා සිටිමු

මහින්ද රාජපක්‍ෂ
විපක්ෂ නායක

25,661 Viewers

12 Comments to “පාතාල ණය ක‍්‍රමයක් රට පුරා.. පොලිය 30% සිට 100% දක්වා..”

  1. පොරියා says:

    ඉතාමත් අගය කල යුතු දෙයක්.මෙම ක්ශුඩ්‍ර මූලය ආයතන සමාජයට පිලිලයක් වී ඇත.මේවා නියාමනය කල යුතුමයි.මොවුන් ලබන අදික ලාබ නැවත අදාල ජනතාව අතර බෙදා දිය යුතුයි.

  2. Saliya says:

    Cash Wagon do the same
    Interest rate 40% within one month.

    • සමන් says:

      කැෂ් වැගන් (Cash Wagon) නම් ආයතනය කරන්නේ ද මේ පාතාල වැඩේමයි! මේ ආයතනය පිටු පස සිටින බලවේග කවුද! මේ ආයතනයට මේ ආකාරයට ප්‍රසිද්ධියේ මේ ව්‍යාපාරය කරන්න මහ බැංකුවේ අවසර ලැබි තිබේද? මුදල් අමාත්‍යාංශය අවසර දී තිබේද?
      රටේ මිනිසුන්ව මේ විදියට හුරා කන්න දිලා බලාගන්න පාලකයින් කවුද???

    • නිශාන්ත ඒකනායක says:

      මේ කැෂ් වැගන් කියන ආයතනය මිනිස්සුන්ව බය කරනවා ක්‍රිබ් එකට නම දානවා කියලා. ණය ගෙවන්න දවසක් පරක්කු වුනොත් දඩගහනවා පරක්කු වෙච්ච එකට, ඒ මදිවට ණය මුදල වැඩි කරනවා. ඉතාම අශිෂ්ට ණය ක්‍රමයක්!

  3. Krish says:

    Micro finance companies not forcing people to get their money. Only people go for urgent requirements. Otherwise who will give them money? What they do? So don’t look one side, only thing need to do is reduce fucking bank requirements to lend money. Then people won’t select Micro finance companies

    • somapala says:

      bad language. Shame on you.

    • NS Perera says:

      Yes, banks can do this, but crazy politicians don’t allow the government banks to do so…because most of the private money lenders have links to these crazy politicians???

  4. එස්.කේ සරත් says:

    විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ ගැන කථා කරපු එක ඉතාමත් අගය කරනවා! මේ දේශපාලකයෝ රැල පාතාලයෝම තමයි ඒ ගැන සැකයක් නැ! මුං එක එක බිස්නස් කරලා, ඩීල් දාලා මිනිසුන්ට තර්ජනය කරලා මංකොල්ල කනවා! මේ මුදල් ණයට දෙන ව්‍යාපාර මෙහෙය වන්නේ කවුද? එවුන්ට ඒ අවසරය දුන්නේ කවුද? මහ බැංකුවේ ඇතැම් ලොක්කන් මිට සම්බන්ධ නැද්ද? මුන්ට රටේ මිනිස්සුන්ට තර්ජනය කරන්න බලය දුන්නේ කවුද? පොලිසියට ජරාව දිලා පොලිසියත් එක්ක ගිහින් මිනිස්සුන්ට තාඩන පීඩන කරන්න මේ ආයතනවලට තියෙන නිතිමය අයිතිය මොකක්ද? මුදල් අමාත්‍යාංශ මේ අපරාධවලට වග කිව යුතු නොවේද?

  5. සිරා says:

    රටම ණය උගුලක හිර කල මේ අලුගෝසුවාගේ චාටු බස් වලට නොරැවටෙන්න…. හැකි නම් ලංකාවේ මැක්‍රො ණය හෙවත් මහා විදේශ ණය ගැනත් මේ ප්‍රකාශය කරනු…ඇයි මයික්‍රෝ පමණක්?

    • නිට්ටෑවා says:

      අනේ පලයන ජෙප්පෝ බොරු නොකියා………
      මහා බැංකුවට කෙලිය දවසේ ඉදලා එක පාරටම පොලිය ඉහල ගියා.
      ඊට අමතරව මහා බැංකු හොරකමේ පාඩුව අල්ලන්න හැම දේටම බදු ගැසිල්ල තුල වියාපාරිකයා නන්නත්තාර වෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ වියාපාර වල රැකියා කරණ මිනිස්සුන්ටත් මේකේ අමාරුව මේ වනවිට දැනෙනවා.

      දැන් ඉන්න උන් තව තව ණය ගත්තා මදිවට තියන දේවලුත් විකුණන් කනවා.

  6. Dp says:

    සාමාන්‍ය ජනතාවට එදිනෙදා හදිසි වියදම් ආවම කරගන්න දෙයක් නැති වෙනවා . බැoකුවකින් ගන්න ගියොත් ලොවෙත් නැති documents ගෙන්න කියයි .කෑෂ් බිස්නස් කරන අය ගාව ඒවා නෑ. ඒ වෙලාවට මේ ආයතන දෙවියෝ වගේ පිහිට වෙනවා .ඒත් එක නිකන් නෙමෙයි .මසකට 40% වගේ ගිනි පොලියකට .මේක සේවාවක් එත් පොලිය නිසා මිනිසුන් නැත්තටම නැති වෙනවා
    .

  7. නිමල් says:

    ඔබ තුමාට ස්තුතියි මේ ආණ්ඩුවේ ඉන්න ගොබ්බ-නපුංසක රැලට මේ විදියට කථා කරාට! අද රට අරාජීක වෙලා! ජන පීඩන ආණ්ඩුවක් තියෙන්නේ. ඕනැම කෙනෙකුට දේශපාලුවොයි රජයේ උසස් නිළධාරියි අල්ලගෙන රටේ ඕනම කුපාඩි වැඩක් කරලා සල්ලී හම්බ කරන්න පුලුවන්! මේ ආණ්ඩුව ඒකට ඉඩ දීලා බලං ඉන්නවා! අර-වැගන් මේ වැගන් කියන පොලිකාරයෝයි ක්ෂුද්‍ර-මුල මං කොල්ල කාරයෝයි රටේ ජනතාව මංකොල්ල කනවා!

Main News