පාතාල නායකයන් තුනක්.. අපරාධකරුවන් 32ක්.. මෙවර පළාත් පාලන අපේක්ෂක ලයිස්තුවල..
December 24, 2017 at 8:40 am | lanka C news
2018 පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා තරග වැදීමට විවිධ අපරාධයන්ට සම්බන්ධ 32 දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර ඇති බව හෙලිව තිබේ.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අපේක්ෂකයන් අතර පතාල අපරාධවලටද සම්බන්ධ කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ඇති බවය.
මේ අතර ආරක්ෂක ආංශ අනාවරනය කර ඇත්තේ මෙම මැතිවරණය සදහා දරුණු අපරාධයන්ට සම්බන්ධ පතාල නායකයින් තිදෙනෙකුද තරග වදින බවටයි.
මෙම පාතාල නායකයන් තිදෙනා කොළඹ හා වැලිගම ප්රදේශයන්ගෙන් තරග කිරීමට නාම යෝජනා බාර දී ඇත.