පාතාල නායකයන් බියෙන් වෙවුලති.. බහුදින ධීවර යාත‍්‍රාවලින් ඈත මුහුදේ සැගවේ.. බුද්ධි අංශ මුහුදේද එලවයි..

September 7, 2020 at 10:40 am | lanka C news
පාතාල නායකයන් බියෙන් වෙවුලති.. බහුදින ධීවර යාත‍්‍රාවලින් ඈත මුහුදේ සැගවේ.. බුද්ධි අංශ මුහුදේද එලවයි..

නමගිය පාතාල නායකයින් කිහිප දෙනෙකුම බහුදින ධීවර යාත්‍රාවන්හි නැගී ඈත මුහුදේ සැඟවී සිටින බව බුද්ධි අංශ හෙලි කරගෙන ඇත.

පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක වන රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් ඔවුන් කලබලයට පත්වී මෙම තීරණය ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රා මගින් මාස කිහිපයක් මුහුදේ රැඳී සිටීමට මෙම පාතාල කෙරුමන් අදහස් කර සිටින බවද හෙළිවී ඇත.

කෙසේ නමුත් මෙම බහුදින ධීවර යාත්‍රා වල නැගී මුහුදට පලාගිය සාමාජිකයන්ගේ සියලු තොරතුරු හෙළි කර ගෙන ඇති අතර දැනටමත් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර තිබේ.

66,837 views
Main News