පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ නවතන්න ජනපති සැරසේ..
June 2, 2020 at 8:02 am | lanka C news
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිතුමා පවසයි.
“මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න” ජනාධිපතිතුමා කියා සිටී.
බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ පැවසීය.
බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බව ද රාජපක්ෂ මැතිතුමා කීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.
දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Duminda silvata witharak ayii vishesha salakili thiyenne hiredi…? Uoota witharak Mibile phone dekathunak ma thiyenawaa…!!! Uoota inna deela thiyenne hindama room ekak …? Utta kanna genne uge gedarin. Thawa kochchara nam dewal uoota labenawada….? Uoo thamayi kudu salli balayen joliyema inna ekaa jail eke
Katin Bathala Hitawanawa……………..
මතකද අපේ සර් හාල් කඩේට ගිහින් බංකුවෙ වාඩිවෙලා මිල අඩු කරන්න කීවා. වෙලෙන්දො බයවෙච්ච පාර අද බුලත් විටක් ගන්න කඩේ ගියත් හාල් කිලෝ එකක් සිලි බෑග් එකකට දාලා නොමිලෙ දෙනවා.
Dear Mr president , if you watch carefully with your eyes you can see the people who are in the business of this drug business. You won’t believe your cabinet. They are getting money from the drug loads. Keep eye on and watch carefully. They are in the cabinet to use the power to make easy money. Open your critical eyes. Then you will see who they are . Better introduce military law for such offences.
People have a question, if security intelligent forces can find a terrorist from anywhere in the world , why they can not find a small agent of criminals gang member who are in the villages all over the country ? in order to protect intelligent professional status, something have to do.
මෙය නැවත්වීමට එකම ක්‍රමය මරණිය දණ්ඩනය නැවත ගෙන ඒ මයි ජීවිතාන්තය දක්වා සිරදඩුවම මේ අයට කෑම බිම සියල්ල දී නිවාඩු ගත කිරීමක් පමණයි.
You can’t do it without stopping drug dealing politician to enter politics.
Drug smugglers are Muslims.
Getting Ready. good Keep on getting ready