පාතාල නායක පස් පොඩ්ඩාගේ ගෝල රොත්තක් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දේශපාලඥයෙකු පොලීසියට පැණ යකා නටයි..
February 9, 2019 at 3:21 am | lanka C news
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල නායකයෙකු වන පස් පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නැමැත්තාගේ නඩු විබාගයට පැමිණ අධිකරණයට අපහාස ලෙස හැසුරුන ඔහුගේ හිතවතුන් 50 දෙනෙකු පොලිස් අත්අඩංගුව ට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඔවුන් අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිනුවන්ගොඩ ප්රාදේශීය සභාවට තරග වැදුන පස් රාජා කොන්ඩ රාජා ලෙස හදුන්වන අයෙකු හා ඇමතිවරයෙකුගේ ලේකම් වරයෙකුද වන බව සදහන්ය.
ඊට අමතරව කෙහෙල්බද්දර ප්රදේශයේ මෑතකදී සිදුවූ ඝාතන සිද්දියක සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනුන පසුව ඇප මත මුදා හැරුන අයෙකුද වේ.
මොවුන් මුදා ගැනීම සදහා මිනුවන්ගොඩ දේශපාලඥයෙකු බලපෑම් කරමින් සිටින බව වාර්තා.
ඔහු සහ පස් පොඩ්ඩා අතර සමීප මිත්රත්වයක් පවතින බව මිට පෙර වාර්තා වී තිබින.
තම මිතුරන් මුදා හරින ලෙස බල කරමින් එම දේශපාලඥයා ගම්පහ පොලිසියේ ඊයේ සවස යකා නැටු බවද දැනගන්නට ඇත.
Me politikkan in a thek rata hadanwa boru
යහපාලනය යටතේ පාතාලයො ක්රියා කාරි වෙලා අපේ ප්රජාතන්ත්රවාදය නැතිවෙලා. රාජපක්ෂලා ගෙ කාලයේ පාතාලයො රටේ හිටියෙ නැහැ. අපට නිදහස තිබුනා.
Policiye yaka netuwanan, video ekkak hari, photo ekak hari aran danda. Mecchara smart phones thiyana rate, munwa hangala wedak ne. Nama, gama ekka daanda minissunta denagandath ekka
කුරුණෑගල උසාවී බුමියේ හැමදාම කුඩු කාරයෝ මංකොල්ල කාරයෝ මේ විදිහට නටනවා, ඒවා බලන්න කවුරුත් නෑ
මේ වගේ එවුන්ගේ නම් ගම්හෙලි කරන්න ඔන