පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල රාජකීය මට්ටමින්.. ගුවනින් මල් ඉසියි..[Video]

September 4, 2018 at 10:40 am | lanka C news
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල රාජකීය මට්ටමින්.. ගුවනින් මල් ඉසියි..[Video]

මාකඳුරේ මධූෂ් නම් පාතාල කල්හි නායකයාගේ පියාගේ අවසාන කටයුතු මහ ඉහළින් ඇඹිලිපිටියේදී සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම අවමංගල පෙරහර සඳහා හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනේ සිට මල් ඉස ඇති අතර අධික වියදමක් දරමින් පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මෙම අවමංගල උත්සවය සිදු කෙර ඇත.

මේ සඳහා යොදාගත් හෙලිකොප්ටර් යානය මෙරට පුද්ගලික ආයතනයක එකක් වන අතර ඊට මුදල් ගෙවා ඇත්තේ කොට්ටාවේ පුද්ගලයකු විසින් සිය ණය කාඩ් මත මගිනි.

මාකඳුරේ මධූෂ් දැනට ඩුබායි සැඟවී සිටින්නේ යැයි සැක කරන අතර ඔහු එහි සිට සිය පියාගේ අවසාන කටයුතු වීඩියෝ තාක්ෂණයෙන් සජීවීව නරඹා ඇති බවද සඳහන්ය.

මාකඳුරේ මධූෂ්ගේ පියා පසුගියදා වස්කඩුවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

136 views
Main News