පාතාල ‘සමයං’ටත් ආණ්ඩුවක් හදන්න හැකියාව තිබුණා..
March 5, 2017 at 10:40 am | lanka C news
අද රට පවතින තත්වය අනුව පාතාල කල්ලි නායකයින්ට වුවත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පසුගියදා ඝාතනය වූ ‘සමයං’ නම් පාතාල කල්ලි නායකයාට වුවද ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තිබූ බවද ඔහු කියා සිටියේ බොරලැස්ගමුවේදී පැවති ‘වියත්මඟ’ මහ සමුළුව අමතමිනි.
ඕනෑම සිදුවීමක් පසුදා පත්තරෙන් දැන ගැනීම පාලකයින්ට නොගැලපෙන බවද කී ඔහු රටක සිදුවන්නේ කුමක්දැයි පාලකයින් දැන සිටිය යුතු බවද කියා සිටියේය.