පාදඩ දේශපාලනයකට සූදානම් නැහැ…- ජනපති

January 9, 2021 at 6:31 pm | lanka C news
පාදඩ දේශපාලනයකට සූදානම් නැහැ…- ජනපති

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපතිතුමා සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටී.

මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා කියා සිටී.

අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” පස්වන වැඩසටහන මෙයයි.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි.

වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර, සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී. දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නේය. ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනාධිපතිතුමා කියා සිටියේය.

ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල – බොක්කබැද්ද – ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව – පන්නල්ගම, මහඔය – කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය. ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියේය.

රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.

ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා සිසුන්ට භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි. වීරසිංහ, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ලාතුගල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

71,638 views

39 Comments to “පාදඩ දේශපාලනයකට සූදානම් නැහැ…- ජනපති”

  1. Janaka says:

    මෙයා මෙහේ ටෝක් දෙද්දි .අරහෙ අයියන්ඩි බාර් ලයිසන් දෙනවා . තාමත් අයියගේ ගේම් නතරකරන්ඩ බැරුව කොහොමද රට හදන්නේ .

    • kkuruwita says:

      යහපාලන කෙරුවාව, බාර් ලයිසන් දුන්න හැටි , පගා කෙලපු හැටි ජනතාව දන්න නිසයි යහපාලන හැතිකරෙ ප්‍යින් ගහල එලියට වීසිකරේ. කුප්ප නම් තියා ගත්තු බේබදු පරගැති එවුන් තමයි නන්දසේන වගේ හොඳ සිංහල නම් වලට කෝචොක් කරන්නෙ කියල කවුරුත් දන්නව.

      • sithmal says:

        ඊස්‍රයලෙ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීගර 22145යි. ලOකාවෙන් තුනෙන් එකයි. ඒ උනාට යුරෝපෙට එළවලු පළතුරු අපනයනය කරන ප්‍රධාන රටක්. තියෙන භූමිය මනාව කලමණාකරනය කරගෙන නව තාක්ශණය යොදාගෙන කෘෂිකර්මය කරන්නෙ. රජයක් කරන්න ඕන ඒ දේවල් මිනිස්සුන්ට හදුන්වල දෙන එක මිසක් කැලෑ කප කප නිසරු පලදාවක් ලැබෙන කෘෂිකර්මය තවදුරටත් ප්‍රමෝට් කරන එක නෙවෙයි.

      • Sagara says:

        අපේ ජනාධිපති තුමාට නනදසේන වගේ නමක් ලැබීම එතුමාගේ පෞරෂය දෙගුන තෙගුන වෙනව එය එතුමාට අභිමානයක් .ලෝකයේ අංක එකේ උගතෙක් උන ගුනපාල මලලසේකර මැති තුමාගේ මුල් නම ජෝජ් පීරිස් පසුව එම පරගැති නම අප්‍රසන්න නිසා ගුනපාල පියසේන මලලසේකර නමින් වෙනස් කරගත්තා .

      • Kamal says:

        ගොබ්බ නූගත් මෝඩ kkuruwita

  2. ගමේ මනුස්සයා says:

    මහ චන්දෙන් පස්සෙ උන දේවල් වලින් පස්සෙ ඉදිරිය ගැන අවිනිශ්චිතය.කෙලින් කතාව නිහඩව තිබ්බෙ

  3. වියතා says:

    පාදඩයෝ ඇසුරත් නවත්වන්න ….Do not break last hope of the country….

  4. palatuwe mongale says:

    Americawe hitiyat mongal gatiya giye nene ……….

  5. dulan says:

    Prove it!

  6. Theeraka says:

    Gotabaya must stop talking big, instead solve burning issues such as Muslim explosion, and bring in one law policy in its exact meaning. I must ask how can Muslims have multiple wives in Srilanka if it is one law in the country. Answer these Mr.Gotabaya, the great warrior you are.

  7. Sambo says:

    However Mr. president you seem not to know of what all your siblings and relations are up to. All of them are trying to rule the country . Too many cooks has spoiled the soup.

  8. D.Nimal says:

    The current politics of Lumpan class came into being specially since 1977 by politics of New JRJ -Ransiaghe Premadasa were master of that classes of UNP’s.It came with so-called Open Economy of neo-liberalism by JRJ leadership . It has gone last 40 odd years without monitoring by ruling classes of politics by Island governances .We have address is urgent task of your leadership as soon as possible .

  9. D.Nimal says:

    The current politics of Lumpan class came into being specially since 1977 by politics of New JRJ -Ransiaghe Premadasa were master of that classes of UNP’s.
    It came with so-called “Open Economy ” of neo-liberalism by JRJ leadership . It has gone last 40 odd years without monitoring by ruling classes of politics by Island governances .
    We have address is urgent task of your leadership as soon as possible .How to handle of this Lumpen classes of UNP, JVP, Muslim Congress, TNA and section of SLFP s. has become key question to answer by SJB & UNP political parties by Lumpen outfits in the current situation? This politics of their Foul Game of Double Standard of which that jeopardizing Democracy..Republic ..?

  10. ක්‍රිමිනල් says:

    අපේ ජනාධිපතිතුමා හිතාගෙන ඉන්නේ ප්‍රභාහරන්ව තුවක්කුවෙන් මර්ධනය කලා වගේ විපක්ශයේ මතවාදයන් මර්ධනය කරන්නද ? මහ්ත්තයට බැරිද ඔය වගේ මේ රටේ සීනී ඇටේ ඉදලා , ඇන්ටිජන් ටෙස්ට් කිට් එකේ ඉදලා හොරාකන ගජමිතුරන්ව මර්ධනය කරන්න , කැලැ එලිකරලා රට විනාශ කරන කෑලෑ පාළුවන්ව නැතිකරලා දාන්න , එවගේම කොරොනාව ගරානාවක් කරගෙන ඉන්න බිස්නස් කාරයො ටික නැතිකරලා දාන්න , මහ බැංකු හොරුන්ව බැරිද අර අනිත් චරිතෙන් කනෙන් ඇදලා ඇතුලට දාන්න , පාස්කූ ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ උන උන්දැලා කුඩේ කුඩු කරලා දාන්න , රට කන ආර්ථික ඝාතකයො , ග්‍රීක් බොන්ඩ් හොරු පරසක්වල ගහන්න , මේ රටේ ඉහල සිට පහලට ඉන්න හාල් ,එළවලු ,මාළු ,වැලි ,පස්.. එකි මෙකී නොකී මාෆීයා කුඩු කරලා දාන්න , තමන්ගේම පවුලේ ඉන්න රටේ ධනය හොරාකන් උන්දැලා කුඩූ කෑලී කරලා දාන්න
    දාන්න.මහත්තයො ! චන්දයක් ලංවෙනකොට ගමට ගිහිල්ලා පොර ටෝක් දුන්නට වැඩක් නෑ ,ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනකො , මේ දේශපාලනයක් ,යුද්ධයක් නෙමෙයි.

    ප.ලී; ඩොනල්ට් ට්‍රම්ප් අවුරුදු පහක් ඇමෙරිකාවේ රාජ්‍යපාලනය කොට ,මුහුනේ දැලී ගාගෙන 20 වෙනිදා පිටව යයි. නෑ නිකමට කිව්වෙ.

    • Wijebahu says:

      Well said. Now he has proven he is just a ordinary kaiwaru character heavily inflated by media. Typical mahadanamuttha. Now got panic and vulnerable. That’s why he is issuing threats.

    • බයියා says:

      එහෙම බෑ කියලා තමයි ඔය කියල තියෙන්නේ. ගොන්ජා නඩු ඇහුවා වගේ කරන්නේ නෑ කියන එකයි ඔය තියෙන්නෙ.

Main News