පාදයාත‍්‍රාවට වඩා සෙනග ශ‍්‍රීලනිප කුරුණෑගල සමුළුවට ආවා.. අපි කැම්බල් පිටිය පුරවා පෙන්නුවා..

September 22, 2016 at 4:40 pm | lanka C news
පාදයාත‍්‍රාවට වඩා සෙනග ශ‍්‍රීලනිප කුරුණෑගල සමුළුවට ආවා.. අපි කැම්බල් පිටිය පුරවා පෙන්නුවා..

පසුගියදා නුවර සිට කොළඹ දක්වා ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වූ පාද යාත‍්‍රාවට සහභාගී වූ පිරිසට වඩා වැඩි පිරිසක් කුරුණෑගල මාලිගාපිටියේදී පැවති ශී‍්‍ර.ල.නි.ප 65 සංවත්සර උත්සවයට පැමිණියේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් අගමැති වික‍්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේ පාද යාත‍්‍රාවට සෙනග නොසිටි නිසා කැම්බල් පිටියට නොපැමිණි වුවත් සැප්තැම්බර් 10 දා එ.ජා.ප. සංවත්සරයේදී කැම්බල් පිටිය පුරවා පෙන්වූ බවත්ය.

34 views
Main News