පාදෙණියගේ-යාපාගේ පින්තූර ගිනිතැබිය යුතුයි..

October 24, 2021 at 2:10 pm | lanka C news
පාදෙණියගේ-යාපාගේ පින්තූර ගිනිතැබිය යුතුයි..

මහ කන්නයේ සිට සම්පුර්ණයෙන් කාබනික පොහොර වගාව ආරම්භ කිරීමට උපදෙස් දුන් අය සොයා ගැනීමට නෙමැති බවත් ඇත්තටම පිච්චිය යුත්තේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ රූප නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  පැවැසීය.

ජනහමුවකදී ඔහු සඳහන් කළේ මහාචාර්ය අනුරුද්ධ පාදෙණිය මහතා හා යාපා මහතා මෙම වැඩසටහන හඳුන්වා දුන් බවයි.

“කාබනික පොහොර වැඩපිළිවෙළ ඉතාම හො ඳයි. මේ රටේ වකුගඩු ප්‍රශ්න තිබෙනවා. පිළිකා තිබෙනවා. ඒකට කාබනික පොහොර වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒ කාබනික පොහොර වැඩපිළිවෙළ අපි කියලා තියෙන්නේ අවුරුදු 10කින් කරනවා කියලා. හැබැයි ඒ වැඩපිළිවෙළ සකස්කරගෙන යන කොට මහාචාර්ය අනුරුද්ධ පාදෙනිය මහත්තයයි. මහාචාර්ය යාපා කියන මහත්වරු දෙන්නෙක් ගෙනල්ලා කිව්වා මේක මහ කන්නයේ ඉදලා පටන් ගන්න කියලා.

දැන් අනුරුද්ධ පාදෙනිය හොයා ගන්නත් නෑ. මහාචාර්ය යාපා හොය ගන්නත් නෑ. අනේ අර අහිංසක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ රූප ගගහා පුච්චනවා.පුච්චන්න තියෙන්නේ කාගෙවත් නෙමෙයි ඕක දුන්න අනුරුද්ධ පාදෙනියගෙන් මහාචාර්ය යාපයිගෙයි දෙන්නගේ.

ඇතුළේ ලියපු කොපියක් උස්සගෙන ගිහින් වැඩේ කරන්න ගියා. ගම ඇතුලේ ඒක කරන්න බෑ. ප්‍රා යෝගික නෑ. ඒ නිසයි ප්‍රශ්න තියෙන්නේ. කොච්චරවත් පුච්චන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙයි මූණයි.

ඇත්තටම හොයා ගන්න ඕන මේක බේත දුන්න දෙන්නගෙ මූණවල් පුච්චන්න. ඒ අයට වෙච්ච දෙයක් නෑ. මුළු ආණ්ඩුවම විශාල අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ. මෙකෙන් ජනාධිපතිතුමත් අපහසුතාවට පත්වෙලා තිබෙනවා. එතුමා හදන්නේ කොහොමහරි මේක සාර්ථකව කරන්න. අපි මේකට සහයෝගය දෙනවා. නොදෙනවා නෙමෙයි.

මම කිව්වේ ඒකයි සියයට 50ක් රසායනික, සියයට 50ක් කාබනික ලෙස වැඩේ පටන් අරගෙන ඉස්සරහට ගියානම් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ හැම තැනම අත්හදා බලපු ක්‍රම වේදය. ඒක අපි කියද්දී නැට්ට පාගත්ත මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා ශ්‍රී ලංකා එක තමයි මේ වැඩේ බකල් කරන්නේ උඹලා පලයන් කියලා. මේවා අපි කියන්නේ ආණ්ඩුවක් ශක්තිමත් කරන්න ආණ්ඩුවේ මතය අනිත් මිනිස්සුන්ටත් කියන්න පුළුවන් කාරණා විදිහට.”

– ADA

62,562 views

11 Comments to “පාදෙණියගේ-යාපාගේ පින්තූර ගිනිතැබිය යුතුයි..”

  1. Helaya says:

    Me wage pissoda lankawa palanaya karanna hadanne munwa thama galumuwadore elle kaputanta kanna denna one pahara ballo

    • ගුරුතුමී says:

      සෝගම් ගහ අඳුරන්න බැරි යාපාව ඔය තතුරට දානකොට කන්දේගම මහතා කලින්ම අනතුරු ඇඟෙව්වා වැඩේ කුරුවල් වෙන බව.කණකට ගත්තෙ නැති එකේ විපාක තමයි පල දුන්නේ. දැන් ඉතින් ඇදගෙන නානවා.

  2. බන්ඩා says:

    කටට එන එන දේ නොකියා පරීක්ෂන වලින් තහවුරැ කර ගත් දේ කරපියව්

  3. Cheena says:

    කව්රුවත් කියපු පලියට බලන්නේ නැතුව ඕනේ දෙයක් කරනවා නම් ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? අනිත් එක මේ වගේ විශ්වාස නැති උපදේශකයන් ළඟ තියා ගන්නේ අයි?

  4. MD says:

    මූ තමයි කිව්වෙ… නෑ මූ තමයි කිව්වෙ.. නෑ අරූ තමයි කිව්වෙ. ඔන්න අමු ගොන් බයියෝ කිරිබත්කාල ගෙනාපු පාණ්ඩුව. 😀 😀 😀

    • අනේ moda ගොනෝ says:

      මීහරක් ටොයියො ගෙනා ජහපාලන පාණ්ඩුව තිබුනා නම් ඔය කයිවාරු ගහන තෝයි තොගෙ පවුලයි රටේ සියලු ජනතාවයි මෙලහට ජීවතුන් අතර නැත..

  5. citizen says:

    What he says is absolutely true. These two people led the president to ban agrochemicals. Farmers should not set fire to Mahindananada who is only carrying out the dirty job of the ruler.

  6. අබසරණ says:

    දැන් බයිල ගහපියව්. කරන්න තියෙන තුප්පහිම වැඩේ කරල රටේ ගොවිතැන කුප්ප කුජීතු කරල මිනිස්සුන්ට යන එන මං නැතිකෙරුව. මහ එකා නේද කියෝ කියෝ ගියේ මේ තීරණේ මං ගත්තේ ආයෙ ආපහු හරවන්න නෙමෙයි කියලා. දැන් ලැජ්ජාව වහගන්න මොනව හරි බයිල ගහනව. වැරැද්ද කාගෙ හරි ඇඟේ ගහල ලොක්ක අත පිහිදා ගන්නව..

  7. පොඩ්ඩා says:

    ඉතින් එහෙනන් පාදෙණිය ජනපති හරි කෘෂිකර්ම ඇමති හරි කරල ඉන්න උන්ව ගෙදර යවන්ඩ. බලාගෙන ගියාම ආන්ඩුවේ ඉන්නේ පඹයො ටිකක් නේ.

  8. 69 MIN BAIYOO says:

    කව්රුවත් කියපු පලියට බලන්නේ නැතුව ඕනේ දෙයක් කරනවා නම් ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? අනිත් එක මේ වගේ විශ්වාස නැති උපදේශකයන් ළඟ තියා ගන්නේ අයි?
    මූ තමයි කිව්වෙ… නෑ මූ තමයි කිව්වෙ.. නෑ අරූ තමයි කිව්වෙ. ඔන්න අමු ගොන් බයියෝ කිරිබත්කාල ගෙනාපු පාණ්ඩුව. 😀 😀 😀

Main News