පාන් ගෙඩියක් රුපියල් 10ක් වැඩිවෙයි…

July 17, 2019 at 8:02 am | lanka C news
පාන් ගෙඩියක් රුපියල් 10ක් වැඩිවෙයි…

පිටි කිලෝවක් රුපියල් 08කින් ඉහල දැමීඹ නිසා සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා පවසන්නේ පාන් වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහල දැමීමට සිදුවන නමුත් ඒ පිලිබදව අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.

පාන් ගෙඩියක් රුපියල් 10 කින් වැඩි කිරීම සිදුවන්නේ සිල්ලර කාසි හිගය හේතුවෙන් යයිද ඔහු පැවසීය.

38 views

5 Comments to “පාන් ගෙඩියක් රුපියල් 10ක් වැඩිවෙයි…”

  1. විස්කි මැඩම් says:

    පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 3 ක් අනිවාර්යෙන් හදන්න පුළුවන්. ඉතින් පිටි කිලෝ එකක මිල රු 8 කින් වැඩි උනොත් පාන් ගෙඩියක මිල වැඩි වෙන්න පුළුවන් උපරිම රු. 3යි.

    ගණනය:
    පාන් ගෙඩියක බර ග්රෑම් 450යි.
    නමුත් පාන් ගෙඩිය තුල ජලයද අඩංගු නිසා පිටි ග්රෑම් 270ක් පමණයි පාන් ගෙඩියක් හදන්න වැය වන්නේ.
    1000/270 = 3.7 (අවම වශයෙන් පාන් ගෙඩි 3ක් හදන්න පුළුවන්)
    8/3 = 2.66 (උපරිම මිල වැඩි වීම රු 3යි)

  2. Thalis says:

    කාසි හිගය බස් ගාස්තුව ගෙවන විටදි දුප්පතාට පාඩුවක් වුනා. දැන් දුප්පතාගේ පාන්ගෙඩියටත් එය බලපාල.

  3. බන්ඩා says:

    මහින්ද ගෙ වැරැද්ද. මහින්ද ගෙ කාලෙ තිරිඟු ලංකාවෙ වවපු නැති එකේ වැරැද්ද කියලය් ‘අපි යූඑන්පී’ කට්ටිය කියන්නෙ.

  4. Cyril says:

    Minissungen gahana tax, dada mudal, special levies, excise duties, NBT, CESS me wage meki noki ayakireek maha bandagaraya aragens maha bankuwata damala bagayak me kalakanni horakam karanawa, ithiri tika munta kanna denna, wahana denna,ewata petrol diesel denna, pita rata sawati yanna wiyadam karanawa. Eeta passe salli iwsra unama mun karanne pan gediyata, banis gediyata, ahinsaka pension karayage fix deposit ekata kelinawa.
    Mehema giyoth wadi kal yanna kalin Pransa wiplawaya lankawen patan gannawa me kalakanni haththa iwarak karanna

Main News