පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

August 21, 2021 at 2:10 am | lanka C news
පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන මෙම අවස්ථාවේ බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කලහොත් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත්වේ. තම පාරි‌භෝගිකයින් එනම් උදේ සවස පාන් ගෙඩිය බනිස් ගෙඩිය මිලදී ගන්නා පාරිභෝගිකියින් කොවිඩ් වසංගතයෙන් පීඩා විදින අවධියක මෙසේ මිල වැඩි කිරීමට කටයුතු කිරීම කොතරම් මානුෂිකදැයි අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් අසා සිටින අතර ඒ පිළිබදව ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන ලෙසද ඉල්ලා සිටිමු.

මිනිසුන් හුස්ම ඉල්ලා මහමග වැද වැටෙද්දී හා රෝහල් මෘත ශරීරාගාර පිරී යද්දී බේකරි හිමියන් විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කිරීම අපි පිළිකුලෙන් යුක්තව හෙළාදකින අතර ඔවුන්ට නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබදව කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබදව රජය සමග සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටිමු.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුක්ත පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් මිලදී ගැනීමට තවම අවස්ථාවක් නැත. විවිධ කඩවල අලෙවි කරන පාන් බනිස් වල මිල හා බර විවිධාකාරය. තත්වය එසේ තිබියදී එම භාණ්ඩවල මිල පමණක් වැඩි කිරීමට සෑම විටම අදාල සංගමය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක වන අතර එකී නිෂ්පාදන වල ප්‍රමිතිය පිළිබදවද සොයා බැලීමට කටයුතු කරන ලෙස එම සංගමයට අපි ඇරයුම් කරමු.

වර්තමාන කොවිඩ් තත්වය පිළිබදව සළකා බලා එළබෙන සදුදා සිට පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් තවදුරටත් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

18,874 views

7 Comments to “පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..”

  1. මෝඩ බයියා says:

    ඕන ඕන විදිහට මිල වැඩි කරනව සැපයුම අඩු කරනව එක එකා උට ඕනෙ හැටියට වැඩ තමුන්ගෙ ආරක්සාව තමුන් හදා ගන්න කියනව ලෙඩේ දෙයියන්ට බාරයි කියනව අපි හම්බු කලොත් අපි කනව හැබෑට මොටද බන් අපිට ආණ්ඩුවක් බදු ගෙව ගෙව නඩත්තු කරන්නද

  2. ජුවානිස් says:

    සමහර පාන් ගෙඩියක බර ග්‍රෑම් 200.
    මාළු පාන් වල මාළු තාම මුහුදේ.
    පැටිස් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ හදපු එකා පමණි.
    කියන්න බලන්න මේවට උත්තර, බේකරි හිමියන්ගේ සංගමය.

    • ඌරජුවා says:

      හොඳ නැත්තං නොකා හිටපන්කෝ බත් කාපන්කො

  3. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    ගුරුවරු වර්ජනය කරගෙන තවම නිකන් වෙටුප් ගන්න වාද.දුකයි නේ පව් ගුරුවරු න්ගේ ලමයි මිනිස්සු න්ගේ සාපේ ට අහුවෙයිද.

    වර්ජනය කරන සෙවකයන්ට වෙටුප් දෙන එකම රට

  4. COOL says:

    පාන් වෙනූවට සතියක් රොටි කාපල්ලා,එතකොට බෙකරි කාරයන්ගේ හූලන් බිහි.

  5. අස්ලම් says:

    මාලු පාන් නම ත්‍රිකොන බනිස් කියා මාරු කරමු.

Main News