පාන් මිල ඉහල දැමේ…

September 3, 2018 at 5:30 pm | lanka C news
පාන් මිල ඉහල දැමේ…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පිටි මිල ඉහළ දැමීමත් සමඟ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කරයි.

මෙරට පිටි බෙදාහැරීමේ නිරතවන ප්‍රීමා සමාගම විසින් පිටි කිලෝවක් රුපියල් 5කින් පසුගියදා ඉහල දමනු ලැබීය.

140 views

4 Comments to “පාන් මිල ඉහල දැමේ…”

  1. Love nature says:

    ප්‍රීමා පොහොසත්කර ආණ්ඩුව කෝටි 3,000ක් අහිමි කරගනියි

    තිරිගු පිටි ආනයනික බදු අඩු කිරීම හේතුවෙන් ආණ්ඩුවට පසුගිය වසර දෙක තුළ අහිමිවූ බදු ආදායම රුපියල් කෝටි 3,000 ඉක්මවන බව පවසති

  2. Love nature says:

    තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීම හේතුවෙන් ආණ්ඩුවට පසුගිය වසර දෙක තුළ අහිමිවූ බදු ආදායම රුපියල් කෝටි 3,000 ඉක්මවන බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    හවුල් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව තිරිගු පිටිවල ආයනික බද්ද මුලින්ම 15%කින් අඩු කළ අතර, ඉන්පසුව ලෝක වෙළඳ පොළේ තිරි`ගු පිටි මිල පහළ යාම හේතුවෙන් එය තවත් රුපියල් 5කින් අඩු කළේය. කෙසේවුවද, යළිත් රුපියල් 6කින් තිරි`ගු පිටි ආනයනික බද්ධ වැඩි කළද වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව තිරිගු පිටි සඳහා රුපියල් 14 කින් ආනයනික බදු අඩුකර තිබේ.

    වසර 2015 දී තිරි`ගු පිටි ටොන් ලක්ෂ 11ක් ලංකාවට ගෙන්වා ඇති අතර, ඉන් වැඩි කොටස ගෙන්වා ඇත්තේ ප‍්‍රීමා සමාගම විසිනි. ඒ අනුව ආනයනික බදු අඩු කිරීමෙන් වැඩි වාසිය ලබා ඇත්තේ ප‍්‍රීමා සමාගම වන අතර, මේ පිටුපස යම් අතයට ගනුදෙනුවක් ඇත්ද යන්න පිළිබඳව සැක පලවන බව ආර්ථික විශේෂඥයකු ප‍්‍රසිද්ධියේම පවසා සිටියේය.

  3. Amaraweera Says says:

    Rs 5 kin mila wadi kalath, thamath Mahinda Rajapaksha anduwa karana kaleta wada Paan gediye Mila adui..

  4. Puransisku says:

    Pan warjanaya kara Baasmathee thamba kapiyaw !!!

Main News