පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි..

June 14, 2022 at 2:10 pm | lanka C news
පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි..

උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මාසය වන විට සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 1500 ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කරයි.

අද රුපියල් සියයට ත්‍රිරෝද රථයකින් යන ගමන දෙසැම්බරයේදී 1790 පමණ වනු ඇතැයිද ඔහු පැවසීය.

අධි උද්ධමන තත්වය යතු ඉතා භයානක එකක් බවත් එනිසා වර්ධනය වෙමින් ඇති තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

84,035 views

33 Comments to “පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි..”

  1. හිඟන පඩියක් ගන්න රජයේ සේවක says:

    අවුලක් නැහැ. පාන් නැත්තන් කේක් කන්න පුළුවන් නේ.

    • jayantha says:

      මේ සුනිල් ජයන්ත කියන්නේ රටේ ඩොලර් ටික කාපු හොරෙක්. එස්.බී. ගේ කාලේ ඉඳන් කාගේ හරි එල්ලිලා හොරකම් කරනවා. මුන් වගේ අය තමා තනතුරු අල්ලගෙන ඉන්නේ. කී පාරක් රට යනවද අවුරුද්දකට. මුං තමා නඩත්තු කරන්න බැරි.

  2. බූරු පුතා says:

    මූ බේකරිකාරයෙක්ද කොහෙද. මේ වගේ කාලකන්නි නිසා තමයි වෙලෙන්දෝ හිතෙන හිතෙන ගනන් වලට බඩු මිල ඉහල දාන්නේ. අර රනිල් කියන බූරු පුතා හාල් හිඟ වෙනවා, තෙල් සතියටයි තියෙන්නේ කියනවා. පස්සෙන්දාට හාල්, තෙල් බෙහෙතකටවත් හොයා ගන්න නෑ. මුන් වගේ ගොබ්බ හැත්තක්.

  3. ප්‍රසාද් සමරසිංහ says:

    මිල කොච්චර වැඩිවුනත් ප්‍රශ්නයක් නොවෙන්න හොඳ රැකියාවක් කරන්න මන් වගේ. මම ලංකා බෙල් එකේ වැඩ කරලා මාසෙකට ලක්ෂ 40 ගන්නවා .තව මගේම යෝජනා වලින් තව ත් උපයනවා .මහන්සිවුනොත් ඔබටත් පුළුවන් . ඔබට ජය .

  4. Sarath says:

    මාධ්‍ය මගින් ඇයි මේ වගේ අපත කාලකන්නින් ෆෝරම් කරන්නේ. මුන්ට උන්ගේ මතු දියුණුව බලාගෙන යමක් කියලා රට අගාදයට හෙලා දමන්න පමණයි.
    මේ කාල කන්නියා මොන තනතුරේ හිටියත් ලෝකය ගැන තියා රටේ ඉල්ලුම-සැපයුම ගැනවත් මොකවත් දන්නේ නැහැ. මාද්‍ය මගින් මේවගේ දේවල් පලකල යුත්තේ මේ වගේ සත්තු ටිකක් තමයි අපේ රට පාලනය කරන්න පත්කරලා තියෙන්නේ ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද මේ වගේ ජනතාව මුලාකරලා රට අගාදයට හෙලා, ජාවාරම් කාරයන්ට, කළුකඩ කාරයන් ලවා බඩුමිල වැඩිකරන්න උඩගෙඩි විකුණන (මේ ප්‍රකාශ හරහා මොවුන්ට මුදල් ලැබෙනවා වියහැකියි) කලකන්නිට. යන මාතෘකාව යටතේ.
    මේ මිනිහා මේ වගේ දෙයක් කිවුවට කමක්නැහැ (විදුලි බල ඉංජිනේරුවන් වගේ 25% පමණ පඩිය වැඩිකරන්න) සීමාවක් නැතිව උත්ගෝෂණ පවත්වලා තමන්ගේ පඩිය වැඩිකරගන්න ජනතාව අපහසු තාවයට පත්කරමින් කරන ස්ට්‍රයික් කරන විටකදී. පඩි වැඩිකරන කොට බඩුමිල ඉහල යනවා-මුදලේ අගය පහල යනවා.

  5. කාක්......කාක්.....පාන්.....පාන්....... says:

    අනූරාධපූරේ අක්කද කිව්වෙ….කාක්……කාක්…..පාන්…..පාන්…….කියා. පාන්…….කියා…පාන්….
    කියල.

  6. පොදුජනයා says:

    නොදන්න මගුල් කතා කරන්නේ නැතිව අධ්‍යාපනය ගැන කතා කරොත් හො නැද්ද?

  7. කුඹුක්කණ් says:

    රජයේ නිලධාරීන් , අනාවැකි කියන උන්ද බං,
    මුං ජෝතිශ්‍ය කරලද ආණ්ඩුවෙ රස්සාවල් වලට ගිහිං තියෙන්නෙ?

    තමන්ගේ වැඩේ කරපං, පඩි ගන්නවනං, අනාවැකි කියලා ආතල් දෙන උන් ඕන තරං ඉන්නවා, උන් ඒක කරගනී.

Main News