පාන් රුපියල් 10කින් ඉහලට.. සියළු බේකරි නිෂ්පාදන මිල ඉහලට…
July 28, 2018 at 12:40 pm | lanka C news
පාන් සදහා අය කරමින් ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද හා අනෙකුත් බදු අඩු නොකරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහල දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.
බේකරි කර්මාන්තය සදහා රජයෙන් සහන නොලැබීම නිසා කර්මාන්තය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයට පැමිණ ඇතැයි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කරයි.
මේ අතර කෘෂිකර්ම ඇමතිවරයා සදහන් කල පරිදි තිරිගු පිටි සදහා බද්දක් පැනවුවහොත් සියලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බවටද ඔහු අවධාරණය කරයි.
2020 මේ කාලකන්නින්ට පාඩමක් උගන්වමු ඔබේ වටිනා චන්දය මුන්ට නොදෙනු
බොලවූ පාන් මිල වැඩි කරන්නේ මේ රටේ යහපාලනයට චන්දෙ දුන්නු 62 ලක්ෂයේ ටෝයියන්ගේ සවුක්ය ආරක්ෂා කරන්න.බයියෝ උඹලා පාන් කාපල්ලා අපි ටෝයියෝ නම් පාන් කන එක නවත්තන්න තීරණය කළා .අපේ ආණ්ඩුව අපිට ආදරෙයි බොරුනම් අර දතා ගෙන් අහලා බලපල්ලා ඌ කියල දෙවි පාන් මිල වැඩි කිරීමට අවශ්‍ය නියම හේතුව
යකෝ පලමු චන්දෙම කිච කරගත්තු 62න් එක ටොයියෙක් තමයි මමත්. අපි නම් දුන්නේ පාන් අඩු කරන්න වත් බත් ගිලින්නවත් නොවේ. නොමිලේ වෛ ෆයි , අඩුවට කාර් , වැඩි පඩි ජොබ්, සල්ලි පිරිච්ච සාක්කූ හදා ගන්න. එවා ඉතින් සුම්මා වුනු එකේ අපිට දැන් පාන් ගෙඩිය 100ට ගියත් තවත් ඉතින් ..කේ අමාරු නෑ ..