පාන් සදහා පාලන මිලක් ඔ්නෑ.. ගෙඩියක් ග‍්‍රෑම් 350ක්වත් නෑ..

September 4, 2018 at 8:40 am | lanka C news
පාන් සදහා පාලන මිලක් ඔ්නෑ.. ගෙඩියක් ග‍්‍රෑම් 350ක්වත් නෑ..

සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018.09.03 දින සිට පාන් පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩිකිරීමට සාපේක්‍ෂව බේකරි හිමියන් විසින් ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් පහකින් මිල වැඩිකිරීමට තීරනය කර ඇත.නමුත් පාන් පිටි කිලෝවක මිල වැඩිකිරීම හා පාන් ගෙඩියක් රුපියල් පහකින් මිල වැඩිකිරීම සාධාරණ නැත.

අද වෙලදපලේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් සොයා ගත හැක්කේ කලාතුරකිනි. බොහොමයක් පාන් වල බර ග්‍රෑම් 350ක් පමන වේ.

මෙලෙස හිතුමතේ භාණ්ඩ මිල වැඩිකිරීමට වෙලද සංගම් යයි කියා ගන්නා පුද්ගලයන්ට ඇති අයිතිය කුමක්ද? වෙළද මාෆියාවේ ප්‍රන ඇපකරුවන් වීමට පාරිභෝගික ජනතාවට සිදුවී ඇත.

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රජයේ ආයතන පාරිභෝගික ආරක්ෂාව සඳහා ගන්නා පියවර කුමක්ද?පොල් මිල පාලනයට සෑම පොල් ගෙඩියකටම රුපියල් 75ක පාලන මිලක් නියම කල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලධාරීන් පාන් මිල පාලනයට ගෙන ඇති පියවර කුමක්ද?

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සීත කාමරවල පුටු රත් කරන නිලධාරීන් පියවර ගැනීමට සූදානම් ද යන්න අප සංගමය ප්‍රශ්න කර සිටිමු.

නොඑසේනම් කූට වෙළදා මාෆියාවේ ගොදුරන් වීමට පාරිභෝගික ජනතාවට සැමදා සිදු වනු ඇත.

එම නිසා රජය,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සදහා නීතිමය පියවර ගැනීමට දැන් වත් කටයුතු සිදුකර යුතු බව අප සංගමයේ අදහසයි..

ජෙහාන් ප්‍රනාන්දු
සභාපති
සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය

495 views

4 Comments to “පාන් සදහා පාලන මිලක් ඔ්නෑ.. ගෙඩියක් ග‍්‍රෑම් 350ක්වත් නෑ..”

  1. Ryan says:

    Agreed, but we should soon give up rice and bread as our staple food to become healthy nation, it was evidenced at asian games that we lack entusiasm and strength agility in our nation and become nation of lazy scumbags.

    It is time we portion our meal rice – 1/5, Vegetable 1/5, Fish/ Egg – 1/5 Meat 1/5 and Fruit 1/5, Consider rice and bread as poisons of nutrition as they avoid eating other nutritious things and reduce immunity of people, reduce eat rice and bread as much as possible for healthier and strong nation, we should discourage cultivation of rice as much

  2. කිලෝ පාන් says:

    කාලයකට කලින් අපේ කඩ වල පලතුරු, , සමහර එළවලු ගෙඩි හැටියට මිල නියමකර විකුණුව හැටි අපට මතකය. එකෙන් මුදලාලිලාට පාඩු සිදුවෙන බව තේරුණු නිසා ගෙඩි , මිටි, ගොඩවල් විදියට නොව කිරා බර අනුව මිල නියම කර ඇති සැටි වෙළඳපොලේ ඕනේ තරම් උදාහරණ ඇත.

    පන් ගෙඩිය තාමත් ගෙඩි විදිහටම කඩේ ඇත . ඒවායේ බර ග්රෑම් 250 – 300 වන බව කිර බලු විට පෙනේ. බේකරි හිමියන් පන් ගෙඩියක වියදම ගණන් හදනන්නේ බර ග්රෑම් 450 වන අතර පිටි මිල වැඩි වන විට ගණන් උස්සන්නේද ඒ බරට සාපේක්ෂවය.

    මෙමගින් පාරිභෝගිකයාට සිදුවන අසදරණය වලක්වා ගැනීමට පාන් මිල බරට සාපේක්ෂව නියම කරන ලෙස රජයට යෙජන කල යුතුය . කේක් බරට විකුනනවා මෙන් පාන් කිලෝවට මිලද මිලදී ගන්න විට බර අනුව ගෙවිය හැකි විය යුතුය. කඩ මුදලලිට මෙමගින් කිසිදු පාඩුවක් සිදු නොවන අතර හොර බේකරි මුදලිලට පමණක් මෙම යෝජනාවට විරුද්ධ විය හැකිය.

  3. Gayantha says:

    Lankawai kalekata athiriktha haal kochchara thiyenawada. Ewa walin noodles wage hadala kal thiya ganna puluwan itha pahasuwenma. Haal pisinna yana kalaya nisa thamai api paan wage dewalata purudu wela thiyenne. Ithin hodama dai haal piti noodles wage dewal prajalitha karana eka. ibema oya paan piti wisi wai market eken. Anika api miridiya malu, kokul mas, elu mas, hathu, kola warga wage dewal rata thula waidiyen nishpanaya karanna ona. Ratai kaima beema hodata thiyenan ibema cost of living adu wenawa. Chinaya honda udaharanayak. Ekanai haima pradhana company ekakma china yanne.

  4. Pushpakumara says:

    පාන් පිටි වෙනුවට විකල්ප කෑම අපි හොයාගන්න ඕන. පාන් පිටි මගුල නිසා සල්ලි කොච්චර පිට රටට යනවාද. පලතුරු වර්ග, හාල් පිටි නුඩල්ස්, ශේනිකව හදාගන්න පුළුවන් ආකාරයට හදාගත්තු ඉදිඅප්ප වගේ දේවල් දැන්වත් රටේ ප්‍රචලිත කරන්න ඕන. අනික ඔය චූන් පාන් ගෙන අයට පුරුදු කරන්න පිසින ලද නුඩල්ස්, ඉදිආප්ප, තම්මබපු අල වර්ග, උයපු මාළු, බිත්තර වගේ දේවලුත් අරන් යන්න. නැත්තම් පිටිම ගිලිලා රටම ඉවර වෙනවා.

Main News