පාපන්දු ක්රීඩකයෙකු පිටිය මැදදී මිය යයි..
April 23, 2018 at 5:30 pm | lanka C news
යාපනය, අරියාලේ කාසිපුල්ලේ ක්රීඩාංගණයේ පැවැති පාපන්දු තරඟයක් අතරතුරු ක්රීඩා කරමින් සිටි ක්රීඩකයෙකු හදීසියේම ජිවිතක්ෂයට පත්ව ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
උතුරු පළාත් විදුලිබල මණ්ඩල සේවකයින් අතර පවත්වනු ලබන වාර්ෂික පාපන්දු තරඟයක් අතරතුර එම ක්රීඩකයා සිහිසුන්ව ඇදවැටී ඇති අතර පසුව රෝහලගත කරන විටද ඔහු මිය ගොස් සිටි බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ බෙදාහැරිම් හා නඩත්තු පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරඟ කළ කයිට්ස් ප්රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පද්මරාජන් නැමති පුද්ගලයෙකි.
යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Under Prabhakaran nobody died playing football !