පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

August 3, 2021 at 6:48 pm | lanka C news
පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කරන ලද පුද්ගලයෙකු සොරකම් කරන ලද පාපැදි 10 ක් සමගින් ඊයේ (03) දින අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

නෙල්ලිඅඩි පොලීසියට පාපැදි සොරකම් කිරීම් පිළිබඳව ලැබුනු පැමිණිළි කිහිපයක අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පරික්ෂණයක් ආරම්භ කොට නගරයේ සී.සී.ටී.වී. පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදර ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සොරකම් කරන ලද පාපැදි 10 ක් සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූ අතර සැකකරු විසින් සොරකම් කරන ලද පාපැදි ඉතා අඩු මිලකට විකුණා ඇති බවටද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නෙල්ලිඅඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,093 views

3 Comments to “පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….”

  1. කැලණියේ නයා says:

    පාපැදි හොරු ඇල්ලුවොත් තමා මහ බැන්කු හොරු සුනාමි හොරු පාස්කු මිනීමරුවො ව්ල්පත්තු කැලෑපාලුවො සීනි හොරු මේ කපේදි ඔය කැමරාවලට අහුවෙන්නෙත් නෑ හිරේ යන්නෙ දඩුවම් විදින්නෙත් නෑ පාපැදියක් බටර් කාලක් පොල් ගෙඩියක් හොරකම් කර එකෙක් නිව්ස් වල හෙඩ් ලයින් ගහල තරු මර මර පෙන්නයි.

  2. නුවන් වික්‍රමසිංහ says:

    මෙහම වැඩ හොඳයි, මීටත් වඩා හොඳයි මේ රටේම ජනතාවගේ මුදල්, අයිතිවාසිකම් හොරෙන් කන එවුන් අල්ලන්න උත්සාහ කරනව නම්.

  3. පොඩි රාජා says:

    ස එක්ක සෙල්ලම් බැහැ , නීතිය සැරයි .

Main News