පාම් තෙල් ආනයනය තහනම් කලාට බේකරි හා බිස්කට් කර්මාන්තයට ආනයනට ඉඩ දෙනවා..

April 7, 2021 at 6:48 pm | lanka C news
පාම් තෙල් ආනයනය තහනම් කලාට බේකරි හා බිස්කට් කර්මාන්තයට ආනයනට ඉඩ දෙනවා..

පාම් තෙල් ආනයනය කිරීම තහනම් කලද බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ආනයනය කිරීමට අවසර දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන්ට ඒ සඳහා විශේෂ බලපත්‍රයක් ලබා දෙන බවද ඇමැතිවරයා පැවසීය.

එම කර්මාන්තයට අවශ්‍ය පාම් තෙල් ගැනීම සඳහා ඕනෑම කර්මාන්ත කරුවෙකුට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන අභියාචනයකින් එම බලපත්‍ර ලබාගත හැකි බවද ඔහු පවසයි.

දේශීය පොල් තෙල් හා පොල් නිෂ්පාදකයා නගාසිටුවීම සඳහා රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේ වෙතත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පාම් තෙල් භාවිතය සදහා බාධාවක් නැති බවද ඒ මහතා පැවසීය.

11,336 views

17 Comments to “පාම් තෙල් ආනයනය තහනම් කලාට බේකරි හා බිස්කට් කර්මාන්තයට ආනයනට ඉඩ දෙනවා..”

  1. Disce ammata discede says:

    පාම් ඔයිල් වසයි කියලා කියන මෝඩ ලිං මැඩියෝ.
    ලෝකේ දිහා බලන්න දන්නේ නෑ. නුගත් කම ට කරන්න දෙයක් නෑ.

    • Nimal says:

      සුප් කැට උබිබලකඩ මික්ස් රසමසු කියලා ඇඩිදාන උන් කවන විස තමයි නියම විස ඇයි ඒවා ගැන කතා නැත්තේ එවානේ නොමිබර1කේ පිලිකාකාරක

    • pasidu says:

      ලෝකයෙ ඉස්තරමිම කුලුබඩු තියෙන රටෙි උන් කැම රසකරන්ඩ කියලා සුප්කැට දානවා. කොචිචර බුද්දිමත් ජාතියක්ද අපි නේහ්

  2. Boris says:

    Don’t know what the country awaits from this lunatic….?

  3. Lasa says:

    Coming, Going, Running, Dancing, This man is total nuts

Leave a Comment

Main News