පාම් තෙල් ආනයනය තහනම් කලාට බේකරි හා බිස්කට් කර්මාන්තයට ආනයනට ඉඩ දෙනවා..

April 7, 2021 at 6:48 pm | lanka C news
පාම් තෙල් ආනයනය තහනම් කලාට බේකරි හා බිස්කට් කර්මාන්තයට ආනයනට ඉඩ දෙනවා..

පාම් තෙල් ආනයනය කිරීම තහනම් කලද බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ආනයනය කිරීමට අවසර දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන්ට ඒ සඳහා විශේෂ බලපත්‍රයක් ලබා දෙන බවද ඇමැතිවරයා පැවසීය.

එම කර්මාන්තයට අවශ්‍ය පාම් තෙල් ගැනීම සඳහා ඕනෑම කර්මාන්ත කරුවෙකුට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන අභියාචනයකින් එම බලපත්‍ර ලබාගත හැකි බවද ඔහු පවසයි.

දේශීය පොල් තෙල් හා පොල් නිෂ්පාදකයා නගාසිටුවීම සඳහා රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේ වෙතත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පාම් තෙල් භාවිතය සදහා බාධාවක් නැති බවද ඒ මහතා පැවසීය.

11,330 views

17 Comments to “පාම් තෙල් ආනයනය තහනම් කලාට බේකරි හා බිස්කට් කර්මාන්තයට ආනයනට ඉඩ දෙනවා..”

  1. Anuradha says:

    පුදුම කථාවක් නොවැ මේක ඊයේ ෆාම් oil තහානම් කළා අද පාන්,කේක්,බිස්කට් හදන අයට ගෙන්වන්න අවසර එතකොට එවුන් හදන කෑම වර්ගවලට මේ ෆාම් කලවං කළාම වස වෙන්නේ නැද්ද,අනෙක එවුන්ගේ මාර්ගයෙන් අනිත් එවුනුත් ගෙන්නාවී එතකොට මේකේ කිසිම ප්‍රයෝගොතාවයක් නැහැ නේද ?තහනම් නම් කාටත් තහනම් විය යුතුයි පාන්,කේක්,බිස්කට්,නොකෑව කියා කවුරුත් මැරෙන්නේ නැහැ.දේශීය කාර්මාන්තය නගැසීටවන්න කියා මුන්ට වස විස ගෙන්වන්න ඉඩ තබන්න එපා.එය සැමටම තාහානම් කරන්න.

    • බයියට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

      ඒක තමයි හැම කෑම එකකම ලේබල් එකක් තියෙන්නේ. එකේ තියනවා දාලා තියන හැම මගුලම. අනිවා ඕන බිස්කට්, කේක්, බනිස්, ටොපි, චොකලට්, නූඩ්ල්ස්, අයිස් ක්‍රීම්, ෆැට් ස්ප්‍රඩ්, ජෑම්, ..එකී මෙකී නොකී ඔය හැම එකක්ම ඔයිල් කියලා දාන vegetable oil කියන ඒවා 100% ම palm oil. නමුත් ලංකාවේ කියෙන් කි දෙනාද ලේබල් කියවලා බඩු ගන්නේ. ටීවී එකේ ඇඩ් එක බලලා බඩු ගන්න හරක් ඉන්න රටක ඕන ගූ ගොඩක් විකුණන්න පුළුවන්. අනිත් එක එස් එල් එස් එක ව්‍යාපාරිකයන් ට කඩේ යනකොට මහජනතාව ගැන කවර කතාද ? නැතුව ඔහේ හිතුවද අපි කන කෑම වල තියෙන්නේ බටර් ඔයිල් කියලා.
      ලංකාව අවුරුද්දකට පාම් ඔයිල් ගේන්න යන ගාන ඇහුවොත් තරු විසිවෙයි.

    • Disce ammata discede says:

      පාම් ඔයිල් වස කියලා කවුද කියන්නේ? ලෝකේ ලොකුම අනයකරු නෙදර්ලන්තය, ඉන්දියාව…

  2. King Bull says:

    පිස්සු පූසෙක්.

  3. Jagath says:

    මුගෙන් ආර්ථිකවිද්‍යාව ඉගෙනගත්තු උන්ට දෙවියන්ගේ පිහිටයි…….වෙනස සැප ද ද ද බෛයි ය නි?

  4. Thilina says:

    එතකොට බේකරිකාරයොය් බිස්කට්කරයොය් මිනිස්සුන්ට වසනේ කවල තියෙන්නේ?

  5. nimalsiri says:

    kata palal maalu katayaa bandula oya enne uta mahaa lokuwen kuttiyak (100 000 000) adumagaane aragannai.

  6. මලිත් says:

    දෙන්නෙම ආතල්.අනේ පින්සිද්ධ වෙයි ඇමති තුමා තව තවත් ආතල් නොදී නහින දෙහින කාලේ බනක් බාවනාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න

  7. sunimal says:

    බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ආනයනය කිරීමට අවසර දෙන ඇමති පවසයි ..පාම් තෙල් මිනිස් ශරීරයට අහිතකරයි ඒවායින් බේකරි සහ බිස්කට් කර්මාන්තවල කෑම සැදීම සුදුසුද ? සාමාන්‍යන් යන්ත්‍ර ක්‍රියාකිරිමටයි පාම් තෙල් උපයෝගී කරන්නේ ..එසේනම් ආහාර නිෂ්පාදනයට එම තෙල් උපයෝගී කිරීම සුදුසුද ? ඔබතුමා ගේ පවුලේ උදවිය පාම් තෙල් පාවිච්චි කරනවාද ? නැහැ නේද ? ජනතාවට විෂ කවන්නේ මන්ද ?

  8. Susantha says:

    Supurudu “reverse”. Biscuit paan ekka wasa kaawata kamak nadda? Ekenuth fail

  9. SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

    USA wala mage grandfather ge පාම් තෙල් factory 5 tiyenawa
    Api pramparawenma salli karayo.

  10. Covid18+ says:

    කෙලින් තීරණ ගන්න පත්කරපු ජනාධිපති නේද මේ ගන්න ගන්න හැම තීරණයකදිම වැනෙන්නේ. අහිතකර දේවල් එපා. මේ රටේ ඉන්නෙ මරණයට කැපවුණු පිරිසක් වගේ නෙ හරියට.

Leave a Comment

Main News