පාරක් හදන්න ටිපර් රථයකින් ගෙනා බොරලු ගොඩේ අත්බෝම්බයක්

September 9, 2019 at 2:02 am | lanka C news

මන්නාරම තලෙයිමන්නාරම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ටිපර් රථයකින් ‍රැගෙන පැමිණි බොරළු ගොඩක තිබී අත්බෝම්බයක් හමුවී ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම තලෙයිමන්නාරම මාර්ගයේ ඔලුතුඩුවායි ප්‍රදේශයේ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ටිපර් රථයකින් ගෙනා බොරළු ගොඩක තිබි අදාළ අත්බෝම්බය සේවකයින්ට හමු වී ඇති අතර පසුව ඒ බව මන්නාරම් පොලීසියට දැනුම් දී ඇත.

සෙට්ටිකුලම ප්‍රදේ‍ශයේ සිට අදාළ බොරළු තොගය ගෙනැවිත් ඇති අතර බොරලු ගත් ස්ථානයේ තවත් බෝම්බ හෝ යුද උපකරන ඇත්දැයි යන්න සෙවීමටද පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

බොරලු ගොඩේ තිබී හමු වූ අත්බෝම්බය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත භාර දීමට පියවර ගෙන ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

830 Viewers

Leave a Comment

Main News