පාරම්පරිකව වැඳුම් පිඳුම් කල කෝවිලක වටිනා දේව පිළිමයක් අතුරුදහන්…
August 29, 2019 at 2:06 am | lanka C news
වැලිඔය නිකවැව දකුණ ප්රදේශය් වැසියන් විසින් වැඳුම් පිඳුම් කරනු ලැබූ දේව පිළිමයක් අතුරුදහන් වී ඇති බවට වැලිඅඔය පොලීසියට පැමිණිල්ලක් දැමූ බවට නික වැව දකුණ වැසියන් කියා සිටිති.
නිකවැව දකුණ ප්රදේශයේ පිහිටි පුල්ලයාර් කෝවිලේ පිහිටි පුල්ලයාර් දේව පිළිමය මෙසේ අතුරුදහන් වී ඇති අතර එදාල පිළිමය ඉන්දියාවේ සිට මීට වසර ගණණාවකට පෙර රැගෙන ආ බවටත් එම පුල්යාර දේව පිළමය ඉතා වටිනා පිළිමයක් බවටද ප්රදේශවාසීන් පැවසූහ.
වැලිඔය ප්රදේශයේ වැසියන් ගොවිතැන් කිරීමෙන් පසුව සියලුම ගොවියන් විසින් පළමු සහල් වෙන්කරනු ලබන්නේ පුල්යාර දෙවියන් වෙනුවෙන් වන අතර වී අස්වැන්න නෙලීමෙන් පසුව පාරම්පරිකව සියලුම ගොවීන් එක්ව පුල්යාර දෙවියන් වෙනුවෙන් කිරිබත් සාදා පුද පූජා කිරීම වසර ගණණාවක සිට පැවත එන්නකි.
අදාල දේව පිළිමය 27 රාත්රියේ සිට අතුරුදහන් වී ඇති බවටත් එය කිසියම් පිරිසක් විසින් සොරාගෙන යන්නට ඇති බවට තමන් සැක පල කරන අතරම දේව පිළිමය රැගෙන ගිය පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් දේව පිළිමය නොමැති වීමෙන් ප්රදේශවාසීන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවටද වැලිඔය නිකවැව දකුණ වැසියන් වැඩි දුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ