පාරම්පරික මුස්ලිම් ප‍්‍රදේශයක බුදු පිලිම සංහිදියාවට බාධාවක්.. වහා ඉවත් කල යුතුයි.. – නැගෙනහිර මහ ඇමති..

November 17, 2016 at 2:10 pm | lanka C news
පාරම්පරික මුස්ලිම් ප‍්‍රදේශයක බුදු පිලිම සංහිදියාවට බාධාවක්.. වහා ඉවත් කල යුතුයි.. – නැගෙනහිර මහ ඇමති..

පාරම්පරික මුස්ලිම් ජනයා ජීවත් වන සහ ඔවුන්ට අයත් ප්‍රදේශයක බුද්ධ ප‍්‍රතිමා තිබීම සංහිදියාවට බාධාවක් සහ යහපාලනයට නොගැළපෙන්නක් නිසා වහා ඒවා ඉවත් කළ යුතු බව නැගෙනහිර මහ ඇමති මොහොමඩ් නසීර් හෆීස් පවසා ඇති බව ‘ග්ලෝබල් ටැමිල්’ වෙබ් අඩවිය උපටා දක්වමින් කොලොම්බු ටුඬේ වෙබ් අඩවිය වාර්තා කරයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇතත්තේ කල්කුඩා ප‍්‍රදේශයේ උත්සවයකදී දීඝවාපයිට අයත් ලෙස සැලකෙන මානික්කමඩු, ඉරක්කාමම්හි බෞද්ධ නටඹුන් ඇති ස්ථානයක බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කිරීම ගැන අදහස් පල කරමිනි.

තව දුරටත් අදහස් පල කරමින් මහ ඇමතිවරයා සදහන් කර ඇත්තේ සුළු ජාතීන්ට තර්ජනය කිරීම යහපාලනය යටතේත් ක්‍රියාත්මක වන්නේදැයි සැක මතුවන බවයි.

දෙමල මුස්ලිම් ජනතාව පාරම්පරිකව ජීවත්ව සිටින ප්‍රදේශයක බුද්ද ප‍්‍රතිමා තැබීම එම ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට බාධාවක් නිසා වහා එම ඉදිකිරීම ඉවත් කල යුතු යයිද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

360 views