පාරවල් වල අලි නාවන වලවල්…

November 3, 2017 at 2:03 am | lanka C news
පාරවල් වල අලි නාවන වලවල්…

මේ දින වල මුලතිව් දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මුලතිව් තුනුක්කායි ප්‍රධාන මාර්ගය දැඩි සේ අබලන් වීම හේතුවෙන් ගම්මාන කිහිපයකට පිවිසීමේදී ගමනා ගමන ගැටලු රැසකට මුහුණ පාන බවට එම වැසියන් කියා සිටිති.

තුණුක්කායිහි මාර්ගයේ සිට පුදුවෙට්ටුවාන්, පලෙයි මුරිගන්ඩි හා අයියන්කන් කුලම් ප්‍රදේශ වෙතට පිවිසෙන මාර්ගය මේ වන විට දැඩි සේ අබලන්ව තිබීම හේතුවෙන් මාර්ගයේ ගමන ගමන ගැටලු රැසකට එම වැසියන් මුහුණ පා ඇත.

වර්ෂාව හේතුවෙන් මාර්ගයේ වලවල් ජලයෙන් පිරී පැවතීම නිසාත් වලවල් දිනෙන් දින විශාල වීම නිසාත් ගමනා ගමනය දැඩි සේ අසීරු වී ඇති අතරම යුද්දයෙන් පසුව කිසිදු ප්‍රතිශංස්කරණයක් සිදු නොකිරීම නිසා මේ වන විට මාරගයේ ගමන් කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතයි එම වැසියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

179 views
Main News