පාරවල් වාහනවලින් පිරිලා.. ජනතාව විනෝද ගමන් යනවා.. බදු ගැහුවාට ජනතාවට ප‍්‍රශ්ණයක් නෑ..

May 12, 2018 at 2:10 pm | lanka C news
පාරවල් වාහනවලින් පිරිලා.. ජනතාව විනෝද ගමන් යනවා.. බදු ගැහුවාට ජනතාවට ප‍්‍රශ්ණයක් නෑ..

ජනතාවට කියන තරම් ප‍්‍රශ්න නැතැයි සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ බදු පැනවීම ජනතාවට තදින් බලපාන්නේදැයි ඇසූ පැනයකට පිලිතුරු ලෙසයි.

බදු නිසා ආණ්‌ඩුවට ආදායම ලැබෙනවා. ජනතාවට බදු ප්‍රශ්න තදින් දැනෙන්නෙ නෑ.

අද පාරවල්වල වාහන පිරිලා. ජනතාව ඒ වගේම විනෝද ගමන් යනවා. ඔය කියන තරම් ප්‍රශ්න නෑ.

කුමක් කීවත් අපි දිගටම ආණ්‌ඩුව කරගෙන යනවා.

හැමදාම විරුද්ධවාදීන් විවේචනය කිරීමයි විරුද්දවාදීන් කලේ. ආණ්‌ඩුව වැරැදි විදිහටමයි ඒ අයට පේන්නේ’

123 views
Main News