පාර්ලිමේන්තුවට බැරි වූ දේ රෝසි කරයි… කොලඹ නගර සභා මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කර ගනී…
August 15, 2018 at 10:40 am | lanka C news
කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක් දක්වා වැඩි කිරීමට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව විසින් අනුමත කර ඇත.
පෙරේදා (13 වැනිදා) අනුමත කර ඇති මෙම යෝජනාවට අනුව මන්ත්‍රී දීමනාව සඳහා එම මහා නගර සභාව මාසිකව අමතරව දැරිය යුතු මුදල රුපියල් 53,55,000 කි.
මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව ඉකුත් 26 වැනිදා නරගාධිපතිනිය මහා සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර පසුව එය අනුමැතියට එදින මුදල් කාරක සභාවට යොමු කරනු ලැබීය. මන්ත්‍රීවරයකුට මෙම දීමනාවට අමතරව දුරකථන, ප්‍රවාහන හා මුද්දර වියදම් සඳහා මාසිකව අමතර දීමනාවක් දැනටමත් හිමිවෙයි.
මන්ත්‍රීවරුන් 53 ක්ව පැවැති කොළඹ නගර සභාවට නව මැතිවරණ ක්‍රමයෙන් පසුව මන්ත්‍රීවරුන් 119 දක්වා වැඩිවිය. මෙම 119 දෙනාගේ මාසික දීමනාව සඳහා රුපියල් 23,80,000 ක් දැනට මාසිකව වැය වෙයි.
මේ අතර මෙම දීමනා වැඩි කිරීමේ යෝජනාවට නොසතුට පළ කරන බව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය (පොජපෙ) පෙරේදා නගරාධිපතිනියට ලිතව දැනුම් දී ඇත.
සමස්තයක් ලෙස ජනතාව මේ වන විට ආර්ථික හා සමාජයීය වශයෙන් ආර්ථික දුෂ්කරතාවට මුහුණදී ඇති නිසා ඒ වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්විය යුතුව ඇති බවත් එවන් අවස්ථාවක මෙසේ දීමනා වැඩි කිරීම යෝග්‍ය නැති බවත් ඇය පෙන්වාදී තිබේ.
සභික දීමනා ප්‍රමාණවත් නොවුණත් මේ මොහොතේ දීමනා වැඩි කිරීමට ගත් තීරණය සුදුසු නැති බවත් ඇය පෙන්වා දෙයි.
මේ පිළිබඳව කළ විමසීමේදී මන්ත්‍රීවරිය සඳහන් කළේ නගරාධිපතිනියගේ යෝජනාව මුදල් කාරක සභාව අනුමත කර ඇති බවයි.
– divaina
Ganan hadanna danne na wage me online paththara karayo. Amathara viyadama masakata Rs.2,975,000.00 viya uthui
62 ලක්ශේ උන්ට ඔහොම වෙලා මදි. තව පඩි වැඩි කර ගනිල්ලා. තව සැප වාහන ගනිල්ලා. කොලබ වරායයි, කටුනායක ගුවන් තොටුපොලයි තව විකුනන්න තියන හැම එකක්ම විකුණන් කාපල්ලා. 62 ලක්ශේ උන්ට රිදෙන්නම දීපල්ලා.
රෝසි NGO රැජින ….දැන් රටේ රජ කරන්නේ අවනීතිය ..මුළු රටම විනාශ කර මුන් රටින් යයි
ජනතාවට රටේ පස් වත් ඉතුරු කරයිද ?
colamba pelath, SLuMS , dugiyo badaginne, mekige kakkussiyata ranil genwagannada>> hena gahapan JANAPATHI NIDIDA WAHAMA NAWATHWANNA
This will be final March for rosie in politics.
Where are those so called Civil society….Are they in the country…???
Pirimi nurce who has openion for any bullshit who looks like a Ghost???? so call intellectual property Professor , Amila …
Are u guys are sleeping ????