පාර්ලිමේන්තුවට විසුරුවන්න සූදානම්.. ඉක්මන් මැතිවරණයක්.. 2/3 දෙන්න ප‍්‍රධාන පක්‍ෂ එකගයි..

February 7, 2020 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුවට විසුරුවන්න සූදානම්.. ඉක්මන් මැතිවරණයක්.. 2/3 දෙන්න ප‍්‍රධාන පක්‍ෂ එකගයි..

ඉදිරි දෙසතිය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ප්‍රධාන පක්ෂ අතර එකඟතාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට හැකියාව ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මාර්තු මස 02ට පසුවය.

ඉන් පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වේ.

මේ වන විට එම තුනෙන් දෙකේ බලය ලබාදීම සඳහා ප්‍රධාන පක්ෂ අතර එකඟතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

එළඹෙන දෙසතිය ඇතුළත පාර්ලිමේන්තු විසුරුවා හැරියහොත් එළඹෙන මහමැතිවරණය අලුත් අවුරුද්දට පෙර අපේ‍්‍රල් මුල් සතියේ පැවැත්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

699 views

4 Comments to “පාර්ලිමේන්තුවට විසුරුවන්න සූදානම්.. ඉක්මන් මැතිවරණයක්.. 2/3 දෙන්න ප‍්‍රධාන පක්‍ෂ එකගයි..”

  1. Aurora says:

    ඒක හොඳයි, මැතිවරණයේදී වුන ආරවුල් නිසා ඇතිවෙන තරහ මරහා අතහැරලා අලුත් අවුරුද්ද සමරන්න පුළුවන්. ඒක රටට හොඳයි, ඒ වගේම කාගේත් නම්බුව බේරෙනවා.

  2. බන්ඩා says:

    කොහොමත් තව සති තුනකින් ජනාධිපති තුමා පාර්ලිමේන්තුව විසුරවනවා. එජාපය තම ගොන්නු අන්දන සෙප්පඩ විජ්ජාවක.

  3. Saradiel says:

    නව වසර පොහොට්ටුවත් සමග කිරිබත් කමු ජය ශ්‍රී

  4. ලොලිපොප් මොංගල් says:

    ගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න එපා. වසර 4 1/2 සම්පුර්ණ වූ පසුව පමණක් විසුරුවන්න. චන්දයට පෙර පාස්කු දින ප්‍රහාරය සමරන්න අපිට අවශ්‍යයි.

Main News