පාර්ලිමේන්තුවේදී ප‍්‍රභූවරයෙකුගේ බෑගය පරීක්‍ෂා කලේ යයි පොලිස් නිලධාරීන් 03ක් මාරු කරයි…

September 4, 2020 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී ප‍්‍රභූවරයෙකුගේ බෑගය පරීක්‍ෂා කලේ යයි පොලිස් නිලධාරීන් 03ක් මාරු කරයි…

පාර්ලිමේන්තුට පැමිණි ප්‍රභූවරයෙකුගේ පෞද්ගලික ගමන් මල්ලක් පරීක්ෂාකර ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු ආරක්‍ෂක රාජකාරියේ සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මාරු කර යවා තිබේ.

එසේ මාරුකර යවා ඇත්තේ පාර්ලිමේන්තු රාජකාරියේ යෙදී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරියක් ද හා පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉහත ප්‍රභූවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඔහුගේ පෞද්ගලික බෑගය රැගෙන පාර්ලිමේන්තු පිවිසුමෙන් ඇතුළු වීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ගමන්මල්ල පරික්ෂා කරමින් බාධා කළේ යැයි චෝදනා එල්ල වී ඇත.

මේ සමග වන පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වරයාද පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ.

නමුත් එම මාරු වීම සිදුකර ඇත්තේ මීට පෙර සිදු වූ සාමාන්‍ය ක්‍රමවේදය අනුව බවත් පොලිසිය සඳහන් කරයි.

32,936 views

12 Comments to “පාර්ලිමේන්තුවේදී ප‍්‍රභූවරයෙකුගේ බෑගය පරීක්‍ෂා කලේ යයි පොලිස් නිලධාරීන් 03ක් මාරු කරයි…”

  1. saman says:

    එකම රටක් එකම නීතියක් කියලා හිතගෙන චෙක් කරන්න ඇති.

  2. AjithPrasanna says:

    Basil Rajapakshage salli malla

  3. කාන්තාර පළඟැටියා says:

    2015 ට කලිනුත් ඔය වාගේ ප්‍රභූ සත්තු උන්නා.. යහපාලන ආණ්ඩුව ආපු ගමන් ඒ ප්‍රභූ සත්තු මතු උනේ විවිධ රටවලින්.
    ඒ නිසා කල්පනාවෙන්. ඕකුන් හරිම භයානකයි

  4. CJ says:

    Dear President, please transfer them back to orignal places with commendation for thier acts. If not people sufferd for 70 years losing hpe and dare to think equal teratment will be continue. Police and others will go back to stay aawy leaveing one country two laws. WE DID NOT EXPECT TO SEE THAT HPPENING UNDER YOU< WE THINK YOU ARE THE TURNING POINT FOR SRI LANKA

  5. ප්‍රීති සුරම්‍යා says:

    ජොන්ස්ටන් ෆර්නාන්දෝව තමයි චෙක් කරලා තියෙන්නේ

  6. Vijaya says:

    Me prabu kiyanne kavuda dannavaanam kavuru hari kiyannako

  7. Jagath says:

    වෙනස සැපද ද ද ද???????

  8. යට says:

    මේ කාලකන්නින්ව පරීක්ෂා කරන එක පොලිසය නැවත්තුවොත් මුන් පාර්ලිමේන්තුවට බෝම්බත් ගෙනෙයි…ජනාධිපතිතුමා මේ වගේ වැඩවල⁣ට ඉඩ දෙන්න එපා.. .

  9. Kadiya says:

    සමහරක් ප්‍රභූ වරු කියල හඳුන්වන අය පරීක්‍ෂා කරනකොට ඔවුන්ගේ වලිග ආරක්‍ෂක නිලධාරීන් දකින්න පුළුවන්. ඒ නිසා ඔය හේතුව නිසා පරීක්‍ෂා නොකළයුතු ප්‍රභූන්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තු ආරක්‍ෂක නිලධාරීන්ට දෙන එක කෝකටත් හොඳයි.

Main News