පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරයට විශාල වියදමක් දරා උත්සවයක්..?

April 23, 2018 at 6:48 pm | lanka C news
පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරයට විශාල වියදමක් දරා උත්සවයක්..?

මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම සදහා විශාල මුදලක් වැය කර උත්සවයක් පැවැත්වෙන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව කතානායක මාධ්‍ය අංශය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම ඒකකය විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා අති විශාල මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කරනු ලබන බවට ඇතැම් පාර්ශවයන් විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ ඇසුරින් පලකර ඇති පුවත් අපගේ අවධානයට ලක්ව ඇත. එම තොරතුරු මුළුමණින්ම සත්‍යයෙන් තොර බව ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු.

මැයි මස 08 දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භවනුයේ දිවා ආහාරයෙන් ද පසුව බැවින් අමතර ආහාර පාන සඳහා හෝ පාර්ලිමේන්තුව විසින් කිසිඳු මුදලක් වැය කරනු නොලබන අතරල එදිනද සාමාන්‍ය පාර්ලිමේන්තු පැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව මගින් වැය කරනු ලබන මුදල හා සමාන මුදලක් පමණක් වැය වනු වනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය

16 views

3 Comments to “පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරයට විශාල වියදමක් දරා උත්සවයක්..?”

  1. සුදර්මන් says:

    අපිට ලැබිල තියෙන තොරතුරු අනුව එදාට විශේෂයක් වනවා පාර්ලිමේන්තුවේ කෑම බිම බොහොම ජයට තිබේවි .අලුත් වෙනසක් බටහිර රටවල අනුග්‍රහයෙන් වෙන බවත් සිංහලයා වලපල්ලට යැවීමේ ආරම්බය සිදුවන නිසා එය සැමරීමට මෙසේ සුදානම් වන බවත් තමා සිතෙන්නේ

  2. dests says:

    kalakanni minissu dada ate Naya eels weda neha buisness neha mun mokkuda ko ara jvp hettha Latin batala anura

  3. kums says:

    sinhalaya walapallata yayuthu i

Main News