පාර්ලිමේන්තුවේ එක වේලකට 1500ක් කෑම කනවා.. මන්ත‍්‍රීවරුන් 225 පමණක් නොවේ.. මන්ත‍්‍රීවරුන් සුර සැප විදින්නේ නෑ..

July 28, 2019 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ එක වේලකට 1500ක් කෑම කනවා.. මන්ත‍්‍රීවරුන් 225 පමණක් නොවේ.. මන්ත‍්‍රීවරුන් සුර සැප විදින්නේ නෑ..

සමස්ත පාර්ලිමේන්තුවේ සියළුම කාර්යය මණ්ඩලයේ කෑම වියදම පා.ම වරුන් 225 දෙනාට ලඝු කිරිම වැරදි බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි බි රත්නායක මහතා පැවසිය.

සි බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසන බල මණ්ඩලයේ කාන්තා රැස්විම ඊයේ (27) ගිනිගත්හේන බිටා ශාලාවේ පැවති රැස්විමට සහභාගි විමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ සංඛ්‍යා ලේකන අනුව පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලය 803 ක් ද පොලිස් නිලධාරින් 223 ක්ද , පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණෙන මාධ්‍යවේදින් ඇතුළු 1500 කට ආසන්න පිරිසක් ආහාර ලබා ගන්නා බවයි.

එම සියළු දෙනාගේම ආහාර ලබා ගැනිම  මන්ත්‍රි වරුන් 225 දෙනාට ලඝු කිරිම තුලින් රටේ ජනතාවතුල මහජන මන්ත්‍රිවරුන් පිලිබදව වැරදි හැගිමක් ඇති වන නිසා එය නිවැරදි කිරිමට කතානායකවරයා කටයුතු කල යුතු බවයි සි බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් සතියට දින පහක් තුල මන්ත්‍රිවරුන් විශාල පිරිසක් තමන්ගේ දේශපාලන කටයුතු වලට පාර්ලිමේන්තුවෙන් පිටතට යන බවත්, ඇතැම් මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර නොගන්නා බවත් මන්ත්‍රිවරයා කියා සිටියි.

මෙම තත්ත්වය කථානායක වරයා නිවැරදි නොකරන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සුර සැප විදින කොටසක් බවට රටේ ජනතාව තුල විශ්වාසයක් ගොඩ නැගෙන බවද සි බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

20 views

11 Comments to “පාර්ලිමේන්තුවේ එක වේලකට 1500ක් කෑම කනවා.. මන්ත‍්‍රීවරුන් 225 පමණක් නොවේ.. මන්ත‍්‍රීවරුන් සුර සැප විදින්නේ නෑ..”

  1. ලෙබ්බේ says:

    බඩ ගිහිල්ලා තොපි සේරම මැරෙන්නේ, තොපි කන්නේ තුන් වේල කන්න නැතුව බත් ඇටේ ඉදන් බදු ගෙවන අහිංසක ජනාවගේ මුදල් වලින්, ජනාධිපති තුමා වගේ ගෙදරින් කෙහෙල් කොලේක බත් එකක් බැදගෙන වරෙල්ල, රටටම ආදර්ශයක් වෙයල්ලා රට පාලනය කරන උන්,

  2. gamarala says:

    මුන් ගෙවල් ඉඩම් විකුණලා නය අරගන මැතිසබයට යන්නේ සැප විදින්න තමා

  3. බන්ඩා says:

    මෙතන ප්‍රශ්ණය වන්නේ five star ආහාර වේලක් සය්වර් කඩේ මිලට මංත්‍රී සහ අනෙක් අයට ජනතාවගේ මුදලින් ලබා දීමය්. එම මදල් ලබා ගන්නේ කෙසේද යන්නට උත්තර හෙවිය යුතුය්.

  4. Gayantha says:

    තොපි ඉතින් ඒ 1500 ගෙදරින් කෑම ගේන්න කියලා හරක් 225 ගෙදරින්ම බත් මුලක් ඔතන් වරෙන් බයිලා ගහන්නේ නැතුව. වෙන රජයේ සේවකයොන්ට ඔහොම කන්න් බොන්න අඩුවට දෙනවද මී හරකා ?

  5. Asoka says:

    කැනඩාව ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව සහ ජපානය වගේ රටවල පාර්ලිමේන්තුවේ කන්ටිමක්වත් නැහැ. (තව රටවලුත් ඇති) තුහ් නොදකින් ලංකාවෙ පාර්ලිමේන්තුව අපේ රීරි මන්ශේ උරා බොන හැටි ? තව ලැජ්ජා නැතිව කියන හැටි. අපි වැඩට යන්න ඕනේ බත්මුලක් බැඳගෙන නැත්නම් බඩගින්නේ. අයි ඔය කම වේලට අයකරන මුදලින් ලාබයක් ගන්න බැරි? ඔක්කොම 90% ඩිස්කවුන්ට් එකටනේ? ඉතුරු 90% බදු ගෙවන සාමාන්‍ය ජනතාවගෙන්. තුහ් නොදකින්

  6. 77 UNP says:

    පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ ඇති ආහාර මිනී අළු, හූනියම් තෙල්, උරු තෙල් කලවම් කරලා නිසා අනා(ග)ත ජනාධිපති සජිත් ප්‍රේමදාස උතුමාණෝ කිසිදා කන්නේ නැහැ. ඒ නිසා 225 කතාව බොරු, නියම ගාණ 224 යි.

  7. porolis says:

    Monaekatada madyawediyanta manda denne unge rassawata padigewannada nathnam okkoma pandan allanaunda

  8. Gonsun says:

    Nomile kanawa nattham.aduwata kanawa
    Ganak enawa nam lankawama kanawa
    jarakema dutuwit penala kanawa

Main News