පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක්..?

January 10, 2021 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක්..?

පාර්ලිමේන්තුවේද කොවිඩ් 19 පොකුරක් ඇති විමේ අවධානමක් පවතින බවත් , පාර්ලිමේන්තුව තුල සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරිමට දැඩි අපහසු බව නාවලපිටිය ප්‍රදේශයේ පැවති  සමගි ජන බලවේගයේ රැස්විමකට සහභාගි වු  කළුතර දිස්ත්‍රික් පා.ම කුමාර වෙල්ගම මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය භාරය විපක්ෂ නායකවරයා උපරිම අයුරින් සිදු කරන බවද කුමාර වෙල්ගම මහතා පැවසිය.

එම රැස්විමට සහභාගි වු ජාතික සමගි ජනබලවේගයේ මහලේකම් සහ පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ යුක්‍රෙන ජාතිකයන්ට මෙරට තුල එක් නිතියකුත් රට වැසියන්ට තව නිතියකුත් ක්‍රියාත්මක කරන රට ශ්‍රි ලංකාව බවයි.

විපක්ෂයේ කාර්යය භාරය උපරිම අයුරින් සිදු කරන බවත්, ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ජන්ද දායකයන් එ සදහා පිලිතුරු ලබාදෙන  බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,064 views