පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…

January 17, 2021 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…

පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයන් තවත් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෑතකදී සිදුකළ PCR පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇති බවයි.

කතානායක වරයාද ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් 460 ක පමණ පිරිසකට මෙම පරීක්ෂණ සිදුකරනු ලැබීය.

මෙම තත්ව යටතේ පාර්ලිමේන්තුව ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන සතියේ දී තීන්දුවක් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු සේවකවන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර ඇත්තේ පාර්ලිමේන්තුව දෙසතියකට පමණ කල් දමන ලෙසයි.

14,587 views

2 Comments to “පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…”

  1. Ratawesiya says:

    We dont need parlement. Please close it for ever

  2. මර්තේනිස් අයියා says:

    ලංකාවේ අනෙක් සියළුම දේ විවෘත කළ හැකිනම් පාර්ලිමේන්තුව පමණක් වසන්න අවශ්‍ය නැහැ කිසිසේත්ම නොවැසිය යුතුයි මන්ත්‍රීවරැන් පැමිණීම අනිවාර්ය කළ යුතුයි.රටේ ඉදිරි ගමන වෙනුවෙන් එය කළ යුතුමයි.නැතිනමි රටේ අනෙත් පාර්ශව තුල කලකිරීමක් ඇතිවියහැකියි

Main News