පාර්ලිමේන්තුවේ පිල් මාරු පෝලිමක්.. මුලින්ම පහක් ඒකාබද්දයට.. තව නායකයන් දෙදෙනෙක් රහස් කතා..

December 2, 2017 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුවේ පිල් මාරු පෝලිමක්.. මුලින්ම පහක් ඒකාබද්දයට.. තව නායකයන් දෙදෙනෙක් රහස් කතා..

පළාත් පාලන මැතිවරණයට නිම යෝජනා දීමට පෙර පාර්ලිමේන්තුවේ පිල් මාරු ගණනාවක් සිදුවීමට නියමිත බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි සදහන් කරයි.

ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් තිදෙනෙක් ඇතුළු පස් දෙනෙකු මුලින්ම ඒකාබද්ද විපක්‍ෂයට එකතු වන් ඇති බව එම ආරංචි කියයි.

දැනටමත් මෙම පිරිස ඒකාබද්ද විපක්‍ෂය සමග තීරණාත්මදක සාකච්චාවක නිරතව සිටින අතර ඉන් දෙදෙනෙක් තම ආසන සදහා සිය ප‍්‍රදේශීය අපේක්‍ෂකයන් සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නාම යෝජනා ලයිස්තු පවා පුරවා දී තිබේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධය සමගි කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් ඒ ගැන කලකිරීමෙනි.

මේ අතර තව දුරටත් වාර්තා වන්නේ ආණ්ඩුව සමග සිටින සුළු පක්ෂ දෙකක නායකයන් සහ තවත් ප‍්‍රසිද්ධ මන්ත‍්‍රීවරයෙක් හිටපු ජනාධිපතිවරයා සමඟ ගිය සතියේදී සාකච්චා කර ඇති බවයි.

18 views

8 Comments to “පාර්ලිමේන්තුවේ පිල් මාරු පෝලිමක්.. මුලින්ම පහක් ඒකාබද්දයට.. තව නායකයන් දෙදෙනෙක් රහස් කතා..”

  1. kamalsirikuruwita says:

    රටේ සහ ජනතාවගේ යහපතට සියලු දේ සිදුවේවා කියා පතන්නෙමු. ඒ සඳහා අවංකව ක්‍රියා කරන සැමට ජයෙන් ජයම වේවා කියා අපි සැම පතමු .

  2. lanka says:

    ජාතික ලැයිස්තු කොල්ලයේ දෙවන ඉනිම…..

  3. Sadda says:

    Sathya jaya ganithwa!. Ekabadhda nayakayin wada janathahithawadiwa katayuthu kireemata waga bala ganna.

  4. Saman Kula says:

    Me ekakin wath janathawata sethak nehe….mun me theerana ganne janathawa gena hithala neme

  5. වලස්මුල්ලේ විල්සන් says:

    එකෙක්වත් මෛත්‍රීපාල අතහැරල ඒකාබද්දෙටඑන්නෙ නැහැ. මොනවද ඔටිටු?

  6. Supun says:

    Munwa gathoth mala badde Tama hadenne…mokata munwa aii gannawada…

  7. gorilla says:

    චන්දෙ තියල බලහල්ලකෝ බඩ එලිය යනව වගේ මුන් එනහැටි. මම නම් කියන්නේ මුන්ව ගන්න එපා. මෙච්චර කල් හිටන්ට හේතුවෙලා හිටිය වගේ ඔහොමම හිටපන්, එන චන්දෙන් ගෙදරම පලයල්ලා වෙන රස්සාවක් හොයන්. ජනබලයට පිටුපැවානම් දඩුවමක් තියෙන්නත් ඔනේනේ.

  8. Krishantha says:

    JO if you get any one from SLFP you will loose votes. They only want to survive in politics. They only want stays in politics for their benefit not for the country.