පාර්ලිමේන්තුවේ පිහි ඇණුමක්.. ලේ සෙලවෙයි.. මන්ත්රී ඝාතනයක් නූලෙන් වැලකේ.. එජාප මන්ත්රීන් දෙදෙනෙකු පිහි ගෙනැත්.. කඩු පොලුත් ගේන්නැයි කතානායක කියලා..
November 15, 2018 at 2:10 pm | lanka C news
අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය මහතා බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි.
කථානායකවරා පුටුවේ රැදී සිටීමෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වූ බවත් ඔහු අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙම තත්වය ඇති නොවන බවත් ඔහු කියා සිටී.
අද පාර්ලිමේන්තුව තුලට එජාප මන්ත්රිවරුන් දෙදෙනෙකු තියුණු පිහි රැුගෙන පැමිණ සිටි බවද ඔහු පැවසීය.
මේ සම්බන්දයෙන් කතානායකවරයාට කී අවස්ථාවේ පිහි බැරිනම් කඩු පොලු හරි ගේන්නැයි කතානායකවරයා කී බවද ඔහු කිවේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රි ජයන්තර සමරවීර මහතා සදහන් කරන්නේ දිලුම් අමුණුගම මහතාට තුවාල වූයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්රීවරයා පිහියක් වැනීම නිසා බවයි.
රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එජාප මන්ත්රිවරුන් පාර්ලිමේකන්තු සභා ගැබට පිහි රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ද විසින් පැමිණිලි කර තිබේ.
මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු නිසා මන්ත්රී ඝාතන තැතත් වැලකී ගිය බවද ආණ්ඩුවේ මන්ත්රිවරුන් කියති.
Pic by sajeewa chinthaka
This not a knife. Just only a letter Opener…………………….Hik Hik