පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි.. වසරකට කෝටි 12යි.. විදුලියට කෝටි 08යි.. ජලය ලක්‍ෂ 90යි..

July 23, 2019 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි.. වසරකට කෝටි 12යි.. විදුලියට කෝටි 08යි.. ජලය ලක්‍ෂ 90යි..

වසරක කාලයකට පාර්ලිමේන්තුව ආහාරපාන වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක් වැය වන්නේ යැයි ගණන් බලා ඇති බව එහි මූල්‍ය අංශ බලධාරීන් සඳහන් කරති.

මෙම මුදල වැයවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, කාර්ය මණ්ඩලයේ හා පැමිණෙන අමුත්තන්ගේ ආහාරපාන වෙනුවෙනි.

එමෙන්ම පාර්ලිමේන්තුවට විදුලි බලය සැපයීම වෙනුවෙන් වසරක් සඳහා කෝටි 8ක මුදලක් ද දුරකථන පහසුකම් වෙනුවෙන් වසරකට රුපියල් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ද, ජලය ලබාගැනීම වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 90ක් වැය කරන බව ගණන් බලා තිබේ.

පාර්ලිමේන්තුවේ ආහාර වලින් 75% ක් වැය කරන්නේ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් යයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තුවේ වැඩිම විදුලිය ප්‍රමාණයක් වැය වැය වනුයේ එහි වායු සමීකරණ පද්ධතිය වෙනුවෙනි.

41 views

11 Comments to “පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි.. වසරකට කෝටි 12යි.. විදුලියට කෝටි 08යි.. ජලය ලක්‍ෂ 90යි..”

  1. HAMBA KERIYA says:

    රනිල්ට කියමු පාර්ලිමේන්තුව ඇමරිකාවට දෙන්න කියල.

  2. Upul says:

    This is not a surprise when you see the pot bellies of most of the members of parliament.

  3. HENA says:

    HENA GAHALA MEKE HATHTHAMA GILILA PALA …RATATA KARANA HENA APARADA WALATA

  4. desta says:

    koti ganaka kewata rata satha5ka wedak neha rate sallith horakam karanawa perethayo pare inna minissunta gahanawa kalakanni tika thuk witarak

  5. gamarala says:

    දරුවන්ට කිරි වීදුරුවයි ලැජ්ජා වෙන්න ඕනේ දීපල්ලා මුන්ට තවත් චන්දේ

  6. නානා says:

    බොරු කියන්න එපා. පුන්නක්කු හරි ලාබයි.

  7. kumdhar says:

    මේකේ ඉන්න වැඩිහරියක් හොරු, බොරුකාරයෝ. මේකේ ඉඳන් ගන්න තීරණ බොහෝමයකුත් රටට ඉතා අහිතකරයි.
    ඒ නිසා මේකට යට කරන මේ මහා මුදල් සම්භාරය, ඇත්තෙන්ම රටට මහා බරක්!

  8. invisible says:

    Install Solar Panels to cut down part of the Electicity Cost. Also use Genarators time to time.

  9. වැඩ්ඩා says:

    රජයේ සේවකයින්ට අනුමත මිළ ගණන් වලට මේව යටත් විය යුතුයි. කෝ මේ ඔඩිටර්ස්ල. උනුත් පිස්සු කෙලිනව පොඩි පොඩි ඒවගෙ එල්ලිලා. අනික මොකටද කාර්‍ය මණ්ඩළයට කෑම රජයේ මුදල් වලින්. ජාතික අපරාද. හිටපු ඔඩිටර් ජනරාල් තුමාවත් දැක්කෙ නැද්ද

  10. MD says:

    Mahinda mahattayo oba aanduwa gatta gaman oya ministerlata okkotama gedarin fride rice hadagena enna kiyanna.servents la innawane oya hama gedarakama

Main News