පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පසු නව දේශපාලන පක්‍ෂයක්..- මහින්ද කියයි..

August 17, 2018 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පසු නව දේශපාලන පක්‍ෂයක්..- මහින්ද කියයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ස්වාධීන වීමෙන් පසු නව දේශපාලන පක්ෂයක් බිහි වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දැනටමත් පොහොට්ටුව ලකුණින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ ආකාරයට පක්ෂයක් ලෙස බිහිවී තිබෙන බවද රාජපක්ෂ මහතා පැවසීය.

ඉතිහාසය පුරාම දේශපාලන පක්ෂ බිහිවූයේ ආණ්ඩු පක්ෂයෙන් කැඩී ගෙන ගොස් බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

87 views