පාර්ලිමේන්තුව අසල ගොඩ හා මඩ ගොවිතැන් අරඹයි..
June 29, 2022 at 2:10 am | lanka C news
කොළඹ දිස්ත්‍රික්කයේ කිඹුලාවල, මාදිවෙල හා මිරිහාන යන ප්‍ර දේශවල අක්කර 133ක ගොඩ හා මඩ ගොවිතැන් ඇරඹෙයි.නාගරික ජනාවාස ආශ්රිත ප්‍ර දේශවල කඩිනම් වගා සංග්රාම ව්‍යාපෘතිය යටතේ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ව්‍යාපෘතිය අදියර 04කින් සමන්විතයි. එහි පළමුවැන්න කිඹුලාවල ආදර්ශ වෙල්යායයි. එහි අක්කර 100 ක් දැනටමත් වගා කර තිබේ. මාදිවෙල මඩ හා ගොඩ ඉඩම් අක්කර 23 ක් වගා කර සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. මිරිහාන ප්‍ර දේශයේ අක්කර 10 ක වගා කිරිමට ද මේ වනවිට පියවර ගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 04 වන අදියර යටතේ ශ්‍රි ජයවර්ධනපුර රෝහල ආශ්රිත ඉඩම් අක්කර 80 ක් වගා කර සංවර්ධනය කිරිමට අපේක්ෂිතයි.
මාදිවෙල වගා ව්‍යාපෘතියේ පර්චස් 80 බැගින් වු කුඹුරු කට්ටි 26ක්, පර්චස් 03,04,05 බැගින් වු එළවළු කට්ටි 44 ක වගා කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සදහා ආරක්ෂක අංශ සහයෝගය ද ලබාගෙන තිබේ. ගොඩ මඩ වගාවන් සිදුකෙරෙන අක්කර 13 ට අමතරව ඉතිරි අක්කර 10 ක යටිතල පහසුකම් ද මේ වන විට සංවර්ධනය කර තිබේ. ඒ අනුව එම ප්‍ර දේශයේ කිලෝමීටර් 1.5 ක ඇවිදින මංතීරුවක් හා පාපැදි ධාවන මංතීරු 02 ක් , ළමා උද්‍යානයක්, එළිමහන් ව්‍යායාම් ප්‍ර දේශයක් මෙන්ම යල මහ දෙකන්නයේ වගා කිරිම සදහා ජලය සපයන වැව් දෙකක් ද ඉදිකර ඇත. මෙම වගාවන් සදහා කාබනික පොහොර යොදා ගැනීම විශේෂත්වයකි. කුඹුරු ආශ්රිත ව වගා කර ඇත්තේ දේශීය වී වර්ගයි. ගොඩ වගාවන් ලෙස කොත්තමල්ලි, බිලිං, වඳුරු මෑ, ආලංගා, රතු බණ්ඩක්කා, තුල්සි, කළුවැරණිය මිරිස්, ඇත්දළ බණ්ඩක්කා, පෙතිතෝර හා ඇත්තෝර, නයිමිරිස්, ඉරමුසු, වැල්පෙනෙළ, වදකහ, මුරුංගා මෙහි වගා කර ඇති විශේෂ භෝග වේ.
මාදිවෙල නාගරික කෘෂිකර්මාන්ත පාරිසරික ව්‍යාපෘතිය කොළඹ ආශ්රිත නාගරික ප්‍ර දේශයක පළමු වරට සිදු වු වගා ව්‍යාපෘතියකි. ඒ සදහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරිමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව ද සහාය පළ කර තිබේ. වැය කළ මුදල රුපියල් මිලියන 390කි.
නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග ඊයේ (27) අමාත්‍යාංශයේ දි පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා උපදෙස් දුන්නේ කොළඹ නාගරික ප්‍ර දේශ ආශ්‍රිතව ඇති මෙතෙක් ප්‍ර යෝජනයට නොගත් නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් වල මේ හා සමාන ව්‍යාපෘතින් වහා ආරම්භ කරන ලෙසයි. මේ වනවිටත් පන්නිපිටිය, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර ආශ්රිත ප්‍ර දේශවල නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඒ සදහා හදුනාගෙන තිබේ. කඩිනම් වගා වැඩසටහන් ආරම්භ කිරිම සදහා එම ප්‍ර දේශ ආශ්රිත ඉඩම් සකස් කිරීම කටයුතු කරමින් පවතින බව ද එහි දි අනාවරණය විය.
– ප්‍රදීප් අනුර කුමාර
වැඩේ නං අති සාර්තක වෙනවා මයි . අපේ සහෝදරයෝ දෙසිය ගානක ගාලක් තියෙන වනේ . උංටත් දැං මදන විසේ කොරන්න වැඩක් නැතුව . ඔය ගමන ඇඟවල් එහෙම හැඩගැහිල ඒවි අලංකාරෙ ට . හාන්න , මඩවන්න , කොල කමත් ගහන්න අපූරු නාම්බො නෑම්බියො . කොහොමත් මඩ නාන්න කැමති නිසා කොහෙත්ම මගාරින්නේ නං නෑමයි .
Idam kotas tikatath hemin seeruwe Kelinna daana upparawettiyak wageyi !
225 දාලා හාපල්ලා. ලලලා.. බත් ගිලින මී හරක්..
සිංහලයන් කෘෂිකර්මයෙන් ඈත් වී ඉංග්‍රීසි ඉගෙන පිටරටින් ණයට කමින් තෙල් පෝලිම්වල රස්තියාදු වෙයි…!
උබට තෙල් ඕනේ නැත්තන් පොදු ප්‍රවාහන සේවා හෝ පුද්ගලික වාහන භාවිතා නොකර පයින්ම පලයන්.
හාන්ඩ පුලුවන් සුපිරියටම
අමු ගවයා ස් ඉන්නවා නෙ ලොටොෆ්.
කපුටාස් ඇවිත් කයි මතු වෙන පනුවාස්.
බූරු පුටානෙකුත් ඉන්නෙ මදි හරියට .
නාමෝල් ගොං වස්සා ත් හොඳට හායි.
ඕකුං සේරම වෙලේ හාද්දි වැස්සක් වැහැලා හෙනයක්ම ගහපිය.
හෙනම ගහපිය
හෙනම ගහපිය
හෙනම ගහලා අකුලෝලාම පල.
පොහොර වෙනුවට පාර්ලිමේන්තු ගවගාලේ ගොම පොහොර භාවිතය සුදුසුයි. හරක් 225 රෑනක්ම ඉන්නව.
අරගල කලත් නැතත් කන්න වවන්න වෙනවා.
හිගන මංකොල්ලකාරයන් ඩොලර් බිලියන ගණන් හොරකම් කළත් හිරේ නොගිහින් රෝහල් ගොස් නිදහස්වන නමුත් පොල් ගෙඩිය සොරකම් කල කෙනා හිරේ යන උගත්කම ලබා ගැනීමට බහුතරය උත්සුක උගතුන් වුවද වෙන දෙයක් වුනාවේ කියා නිකන් බලා සිටින ලෝකයටම එකක්වූ අමුතු රට කුමක්ද?