පාර්ලිමේන්තුව පැරදුනු අපේක්‍ෂකයන් මහ ඇමතිකම් බලාපොරොත්තුවෙන්.. ජනහමු අරඹති..

August 23, 2020 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව පැරදුනු අපේක්‍ෂකයන් මහ ඇමතිකම් බලාපොරොත්තුවෙන්.. ජනහමු අරඹති..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැද පරාජයට පත් වූ අපේක්ෂකයන් කිහිප දෙනකු මීළඟ පළාත් සභා මැතිවරණය මහ ඇමති අපේක්ෂක ධුර සඳහා සූදානම් වෙමින් සිටී.

දැනටමත් ප්‍රදේශ කිහිපයකම තම දේශපාලන ආධාරකරුවන් එක්කර ගනිමින් ඔවුන් හමුවේ මේ බව සඳහන් කර තිබේ.

ඒ වෙනුවෙන් වන සංවිධාන කටයුතු ද ක්‍රමානුකූලව ගොඩ නඟමින් සිටින අතර ජනහමුද පවත්වමින් සිටී.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෙරදී සඳහන් කර ඇත්තේ මහමැතිවරණයෙන් පරාජය අපේක්ෂකයන්ට පළාත්සභා අපේක්ෂකත්වය ලබා නොදෙන බවය.

46,169 views

7 Comments to “පාර්ලිමේන්තුව පැරදුනු අපේක්‍ෂකයන් මහ ඇමතිකම් බලාපොරොත්තුවෙන්.. ජනහමු අරඹති..”

  1. මැදමුලනෙ මුත්තා says:

    උතුරැමැද පලාතෙන් එස්.එමි.චන්ද්‍රසේනගෙ මලය සෙට්වෙනවා, සබරගමුවෙන් පවිත්‍රාගෙ මහත්තයා සෙටිවෙනවා. රාජපක්ෂලාගෙ පවුලෙ ඔක්කොටම පුළුවන් නමි අපිට බැරි ඇයි කියල උන් අහනවා.

    • බන්ඩා says:

      සරත් වීරසේකර ල වගේ ජාතිකවාදී නම් වැඩ පෙන්නල තියනව නම් බුද්ධිය සහ දැනුම තියනව නම් කාගෙ කවුරු උනත් ජන්ද මනාප ලැබේවි.

  2. Modaya says:

    Rajakama nethuwa inne kohomada. Bada papuwa danawo. Parlimenthuwe Balukamath sepai.

  3. Love nature says:

    පළාත්සභා අපේක්ෂකත්වය වැඩි හරියක් උගත් නැණවත් රටට ආදරය ඇති තරුණියන්ට පොහොට්ටුවෙන් ලබා දෙන්න.

  4. mahee says:

    පාර්ලිමේන්තු බැරිනං පලාත් සභා කියල එයාලටම ගිය බූදලයක් වෙන්න ඕන නෑ. කරුණාකරල වැඩක් කරන්න පුළුවන් අළුත් පිරිසක් දාන්න. එයාල පැන්ෂන් යවන්න

  5. sam says:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෙරදී සඳහන් කර ඇත්තේ මහමැතිවරණයෙන් පරාජය අපේක්ෂකයන්ට පළාත්සභා අපේක්ෂකත්වය ලබා නොදෙන බවය.

  6. සිංහල බන්ඩා says:

    13 හෙවත් පලා බබා හෙවත් පලාත් සභා සුදු අලියා වහාම අහෝසි කල යුතුය්.