පාර්ලිමේන්තුව මහ යුද පිටියක් කර සෙංකෝලය පැහැරගන්න සූදානම්.. විශ්වාස භංගයෙන් බේරෙන්න අන්තිම කොලේ අදී..

April 3, 2018 at 10:40 pm | lanka C news
පාර්ලිමේන්තුව මහ යුද පිටියක් කර සෙංකෝලය පැහැරගන්න සූදානම්.. විශ්වාස භංගයෙන් බේරෙන්න අන්තිම කොලේ අදී..

පිිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව අගමැතිතුමා ජනාධිපතිතුමා හමු වී විශ්වාස භංග යෝජනා විවාදය කල් තබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.  නමුත් ජනාධිපති ඒක ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ නිසා පාර්ලිමේන්තුව තුල කලබලයක් ඇති කර පුළුවන් නම් සෙංකෝලය ඔසවා ගෙන ගිහින් හරි මෙම විවාදය අවුරුදු නිවාඩුවෙන් එහා පැත්තට කල් දමා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බවට අපට ආරංචියි.  ඒ නිසා අපි මන්ත්‍රිකණ්ඩායමට උපදෙස් දුන්නා ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න කියලා.

නමුත් ඒක පාර්ශවිකව වුණත් කලබල ඇති කරලා පාර්ලිමේන්තුව කල් තබා ගන්න උත්සාහ කරන්න පුළුවන්.  පක්ෂ දේශපාලනය අමතක කරලා ස්වාධීනව කටයුතු කරලා විවාදය හෙට නොපැවත්වීමට එක්සත් ජාතික පක්ෂය දරණ උත්සාහයන් පරාජය කරන්න කියලා අපි කතානායකතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

62 views

8 Comments to “පාර්ලිමේන්තුව මහ යුද පිටියක් කර සෙංකෝලය පැහැරගන්න සූදානම්.. විශ්වාස භංගයෙන් බේරෙන්න අන්තිම කොලේ අදී..”

  1. Open mind says:

    මෙවැනි උපක්රම ගැන අතීත අත්දැකීම් ඇති අය කියන දේවල් ගැන අවධියෙන් සිටීම හොඳයි.බළලා මල්ලෙන් එළියට පැන්නාදෝ ?

    • නැවුම් මාවත says:

      මෙවැනි ප්‍රාථමික උපක්‍රම ගැන විශ්වාසය තැබීම ඉතාම අමනොඥ්ය වැඩක් නමුත් මේ රට ආරාජික වීම වැලක්වීමට අගමැතිතුමා ආරක්ෂා කලයුතුයි .පාඨලී විස්වාසබ්න්ගය ආරම්භයේදීම මේ කරුණ බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළා නමුත් කිසිවෙකු ඒ ගැන උනන්දු වුවේ නෑ .සෙන්කොලය පැහැරගැනීම වැනි ප්‍රාථමික ක්‍රියා සැලසුම් කරන්නේ එජාපයට ආදරේ කරන නමුත් වැඩි උගත්කමක් නැති චරිත .ඔවුන් වැන්නන් නිසා තමයි දිගින් දිගටම එජාපය පරාජය වන්නේ .එජාපය ජය ගැනීමට උගත් බුද්දිමත් නියෝජ්‍ය නායකයෙකුගේ අවශ්‍යතාව දැන් වැඩියෙන්ම දැනේ .වික්‍රමසිංහ ඇමතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු එජාපයේ පැහැදිලි වෙනසක් සිදුවනු ඇත

  2. Saman says:

    Meke anthpathathi venna yanne.

  3. Podda says:

    Ranil ta baldi peralanna gihin M R 2015 di wage naagannawa deveni para

    Eda Sumane
    Ada Ranil gen😅

  4. Nim says:

    MATA PENA HATIYATA
    SRI LANKAWA NAWATHA
    LE WELAK KARANNA RANILA HADANNE
    JAYAWEWA PARATA BASSAWALA
    MENI YAK GANNA HADANNE
    BANKU HORATA MEWATA
    EDA THABANNA APA
    DAN WATH MAN3 WARU PODAK WATH
    RATATA ADARE NAM MOLEN WADA KAROTH HODA.

  5. හැමදාම වගේ රනිල් කරන්නේ යටින් ගේම ගහන එක. තව කන්න ඉතිරි වෙලා ඇති. අන්තිමට 88, 89 වගේ තමයි වෙන්නේ. බටලන්ද රනිල්ට නුපුරුදු තැනක් නෙමෙයිනේ…. රට කන්න ආපු පර හැත්ත. මිනිස්සුන්ට සේවය කරන්න අවනම් රටේ ජනතව එපා කියද්දි මොන මගුලකට මේකෙ එල්ලිල ඉන්නවද මන්දා කාලකන්නියා..

  6. හමුදා කුමන්ත‍්‍රණයකකැ පෙර නිමිතති ද? says:

    කොළ බලය රකින්න හමුදා කුමන්ත‍්‍රණයකක පෙර නිමිතති ද?

  7. නිදහස් says:

    බලන්න අපේ රටේ මිනිස්සු කොච්චර නම් රැවටෙනවද කියල.
    මේ විශ්වාසභංග, අගමැති වෙනස් වන දේවල් ආණ්ඩු වෙනස්වන දේවල් බොරු කථා විතරයි.
    මිනිස්සුන්ගෙ එදිනෙදා ප්‍රශ්න අමතක කරන්න කරන දේවල් තමයි මේව.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොටිගණන් වියම් කරල අගමැතිට විශ්වාසය ප්‍රකාශ කරාට රටේ ජනතාවට විශ්වාසය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් ගෙනත්දුන්නොත් විතරයි.

Main News