පාර්ලිමේන්තුව මාර්තු විසුරුවනවා.. අපි 2/3ක් අරන් අලුත් ව්‍යාවස්ථාවක් හදනවා..

January 7, 2020 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුව මාර්තු විසුරුවනවා.. අපි 2/3ක් අරන් අලුත් ව්‍යාවස්ථාවක් හදනවා..

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවත් කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ දැන් රටේ පවතින්නේ නීතිය නවන ආණ්ඩුවක් නොවන බවයි. මිනුවන්ගොඩ, මඩවල, කලහුගොඩ ඒකාබද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

‘ සමහරු උත්සාහ කරනවා ඇමතිවරු කීපදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරිමේ සිද්ධිය දේශපාලන පළිගැනීම් ලෙස හුවා දක්වන්න. යහපාලන ආණ්ඩුව වගේ දේශපාලන බලපෑම් කරවන්න එහෙම නැත්නම් නීතියට බලපෑම් කරන්න අපි ලෑස්ති නෑ. අපි ඒ වගේ දේවල් කරන්නේ නෑ. අපි ජනතාවට පොරොන්දු වුණේ නීතිගරුක රටක් හදන්න. අපි ඒ සදහායි කැප වෙලා ඉන්නේ.

2020 මාර්තු මාසය වන විට අපි පාර්ලිමේන්තුව විසුරුවනවා. මහා මැතිවරණය කැදවනවා. ඒ මැතිවරණයේ පොහොට්ටුව යටතේ තරග කරලා අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා. ඒ සදහා ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාවක් තමයි රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සැකසීම. හැබැයි අපි ඒ ව්‍යවස්ථාව එක එක දේශපාලන පක්ෂ වලටවත් එහෙම නැත්නම් අන්තවාදි කණ්ඩායම්වලටවත් ඕනවිදිහට හදන්නේ නෑ. හදන්නේ මේ රටට, රටේ ජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක්.

දැන් තියෙන ව්‍යවස්ථාව 19 වන වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ වල හෝ අන්තවාදින්ගේ බලපෑම් වලට යටවෙලා මෙය සිදු කළ නොහැකියි. අපි කාගෙවත් දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යට නොවී තමයි ව්‍යවස්ථාවක් සැකසෙන්න ඕනේ. මහා මැතිවරණයෙන් පස්සේ අපි සකස් කරන්නේ මේ රටේ හැමෝටම ගැලපෙන ව්‍යවස්ථාවක්.

– ප්‍රදීප් අනුර කුමාර

15,606 Viewers

8 Comments to “පාර්ලිමේන්තුව මාර්තු විසුරුවනවා.. අපි 2/3ක් අරන් අලුත් ව්‍යාවස්ථාවක් හදනවා..”

  1. SL says:

    හම්බෙයි හම්බෙයි… අන්න සරණ හොරා නිදහස් කරලා ……………

    • මාතර සුනිල් says:

      දැන්නම් පුතේ 113 ත් අමාරුයි.

      • ළමයා says:

        කවුද සූත්තර සීයෙ, රං ගොංජාද තොට කිව්වෙ ? 113 කෙසේ වෙතත් දැං නං ගූ ඇංපියට තුන රැක ගන්නත් අමාරු හැඩයි.
        🤣🤣🤣

  2. Chath says:

    ඇත්තටම ඊ ලග මැතිවරණයෙන් ඔය කියන ප්‍රතිපලය ගෝඨාභයට හම්බෞනොත් රටට හොදයි
    ඒත් මේ ගොන් නාම්බනම් මොන්ටිසෝරි මොලයකුයි යෝධ ඇගකුයි තියන වැඩකටම නැති අපතයෙක්. මේ වගෙ අය දෙනදෙයක් කාලා පැත්තකට වෙලා හිටියොත් තමයි ගෝඨාභයට වඩාවාසි

  3. හෙලයා says:

    අද පොහොට්ටු පිස්සුවක් ජනතාවට නැහැ. ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාගේ වැඩ පිලිවෙලටය්. එය සාර්ථක කර ගැනීමට 2/3 ගත යුතුය්. 2/3 ගන්නට යූඑන්පී හොරැන්ට සහ රන්ජන් වගේ දූෂිතයන්ට අකමැති සියලු දෙනාගේ සහාය අවශ්‍ය යය්.

  4. බන්ඩා says:

    ගෝඨාට ඡන්දය දුන් බහුතරය (40% පමන) පොහොට්ටු කාරයෝ තමය්. නමුත් ගෝඨා ජයග්‍රහනය කලේ පක්ෂ වලට ගැති නොවන සහ 18-23 අතර සිංහල තරැණ⁣ ඡන්ද වලින්. ඔවුන්ටත් 60 පැන්න අපටත් ප්‍රසන්නලාට වගේ පොහොට්ටු පිස්සුවක් නැහැ. සිංහලයා ආකර්ෂණය උනේ ගෝඨාගේ දූෂණ විරෝධී, ත්‍රස්ත විරොධී, ජාතිකවාදී, කාරයක්ෂම වැඩ පිලිවෙලටය්. මහ මැතිවරණයේ මනාප වලින් එය මනාව පෙනේවි.

    ගෝටාගේ දර්ෂණය මල්පල ගැන්වීමට අවශ්‍ය 2/3 ගන්නට මහබැංකු හොරැන්ට සහ රන්ජන් වගේ දූෂිතයන්ට සහ 🐘🐅🐪🛎 හවුලේ තක්කඩින්ට අකමැති සියලු දෙනා එකට ගොනු කර ගත යුතුය්. ප්‍රසන්නලා මේ යන්නේ කොහෙද?

  5. Sitha says:

    දැන් උඹලට දෙන ජන්ද. 113ත් අමාරුයි.. දුමින්ද නිදහස් කරල ජන්දෙට ගියානම් තවත් හොදයි..පොර නිදහස් නොකරත් බෑ නේ.. කුඩු හිරු ජන්දෙට වියදම් කරපු තරමට.

  6. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    ගෝටභය මහත්තය මෙයාව සංචාරක සහ ගුවන් තොටුපල ඇමති කියල පත් කරලා කෙරුවේ විශාල වැරද්දක් …මහින්දත් ඒ කාලේ මෙයාව ඔය තනතුරටම දාල තිබුන .ඒ කාලේ එයාර්පෝර්ට් එකේ ටැක්සි දිව්වේ මෙයාගේ මැරයෝ ..සංචාරකයෝ බලා ඉන්නද්දී අහිංසක ටුවරිස්ට් රියැදුරන්ට ගැහුවා පගාව ගත්තා .අන්න ඒ දේවල් ආයේම වෙන්න පටන් අරන් මේ දවස් වල ෂෙයාර් වෙනවා වීඩියෝ එකක් අහිංසක මිනිහෙකුට එහෙම ගහන්න පනින අපතයෝ දෙතුන් දෙනෙක් .ඒ වෙලාවේ වාහනේ ඇතුලේ සන්චාරකයොත් ඉන්නවා ..ලැජ්ජයි ..!! කරුණාකර මේ වගේ එවුන්ව යේ ඇමතිකම් වලට දාන්න එපා ..මුන්ට නඩුත් තියෙනවා උසාවි වල ..හරිම අපරාධයක් මේ වගේ හොරු ,මිනීමරුවෝ ,තගාල , කුඩු මුදලාලිලා ,එතනෝල් කාරයන්ට ඇමතිකම් දෙන එක …!!! මේවා ගැන හොයා බලන්න ..!!!

Main News