පාර්ලිමේන්තුව විසුරවූ ජනාධිපතිගේ නියෝගය අත්හිටුවයි.. අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..

November 13, 2018 at 6:10 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරවූ ජනාධිපතිගේ නියෝගය අත්හිටුවයි.. අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනය දෙසැම්බර් මස 07 දින දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ඒ පිළිබඳව ඉදිරිපත් පෙත්සම් විභාගයට ගැනීමටද තීන්දු කර තිබේ.දෙසැම්බර් 04,05,06 දිනවල නැවතත් පෙත්සම් විභාගය ගැනීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනු කර තිබූ පෙත්සම් 12ක් සලකා බලමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

ඊයේ හා අද දෙදින පුරා මෙම පෙත්සම් විභාගය සිදුකරනු ලැබුවේ අගවිනිසුරු ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

60 views

73 Comments to “පාර්ලිමේන්තුව විසුරවූ ජනාධිපතිගේ නියෝගය අත්හිටුවයි.. අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..”

  1. Sadeeka says:

    Wadiyek wennepa. Mara ape rata kewa. Ranil mathindu dam ewa hadagena yanne.

Main News