පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්..? වාද විවාද මැද සිරිකොද උණුසුම්..

June 3, 2019 at 10:12 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්..? වාද විවාද මැද සිරිකොද උණුසුම්..

පවතින දැඩි අස්ථාවර දේශපාලන වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රබල සාකච්ඡාවක් ඇති වී තිබේ.

ඉදිරි පාර්ලිමේන්තු දිනකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ගෙනැවිත් විපක්ෂයේ ද සහයෝගයෙන් එය 2/3කින් සම්මත කරගෙන වහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට එජාප පිරිසකගේ මතය වී ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ තවත් පාර්ශ්වයක් මීට විරෝධතාවය පල කරමින් ඇතැයි ද දැනගන්නට ඇත.

පවතින ව්‍යාකූල සහගත දේශපාලන තත්වය තවත් ඉදිරියට මෙම ආණ්ඩුව ගෙන ගිය හොත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී දැඩි අවාසි සහගත තත්ත්වයකට තම පක්ෂයට මුහුණ දීමට සිදුව ඇති බවට මුල් පාර්ශවයේ මතය වී ඇත.

මේ සම්බන්ධයෙන් ගෙන නැති අතර එළඹෙන සති දෙක ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් විපක්ෂය සමග සාකච්ඡා කර යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බව නම සදහන් නොකැරන්නැයි ඉල්ලමින් එජාප ප‍්‍රබලයෙක් සදහන් කලේය.

මහ මැතිවරණයක් පැවැත්වීම සදහා දැනටමත් විපක්‍ෂය නියෝජනය කරන ඒකාබද්ද විපක්‍ෂය, ශ‍්‍රීලනිප, ජවිපෙ දැනටමත් කැමැත්ත පල කර ඇත.

199 views
Main News