Exclusive : ජනපති හිර කරන්න ගෙනා 19 සංශෝධනයේ යෝද හිලක්.. පාර්ලිමේන්තුව විසුරුවිය හැකි වගන්තිය මෙන්න.. නීති විශාරදයා සියල්ල හෙලි කරයි..
November 8, 2018 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 (2) ඇ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ කිසියම් නීතියකින් හෝ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතලවලට අමතරව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 33 (2) ඇ ව්‍යවස්ථාවෙන් බලය පැවැරී තිබෙන බව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
මූලික ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවලට අනුකූලව 33 (2) ඇ ව්‍යවස්ථාව අනුව රට අරාජික වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමාට මෙම බලතල ලැබී තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.
විධායක ජනාධිපති ධුරයට හිමි මෙම බලය නැති කිරීමට 2002 වසරේදී එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහයක් ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට වෑයම් කළ බවත් අගවිනිසුරු ලෙස තමා ඇතුළු 7 දෙනකුගෙන් සමන්විත ශේර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිතුමා සතු එම බලය පාර්ලිමේන්තුවට ලබාදීමට එකඟ නොවූ බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
එදා ශේර්ෂ්ඨාධිකරණය එම තීන්දුව ගත් නිසා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් 2004දී එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමට හැකි වූ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද එම තීරණයම ක්‍රියාත්මක කිරීමට කාලය තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– Mawbima
Duties, powers and functions of the President.
Clause 33. (1) It shall be the duty of the President to –
(c) to summon, prorogue and dissolve Parliament;
(d) to receive and recognize, and to appoint and accredit Ambassadors, High Commissioners, Plenipotentiaries and other diplomatic agents;
Lejjai
Lajjai thamai ban, awurudu ganak chanda kal dala yanna be kiyala anda anda innawa
දැන් ඔය කතා වැඩක් නෑ…
2002 තීරණය තියෙද්දී තමා 2015 දී 19 වන ව්‍යවස්ථාව ජනමතවිචාරණයකින් තොරව සම්මත කරන්න පුළුවන් කියා ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ…ඒ අනුව 2002 නීතිය නොවේ දැන් වලංගු වන්නේ….දැන් වලංගු වන්නේ 2015 නීතිය සහ 19 වන සංශෝධනයයි….මේ නීති විශාරදයා තමයි පාර්ලිමේන්තුව සම්මතකරපු නීති පවා අභියෝග කරන්න ගිහිල්ලා නාගෙන අවේ….තාමත් මිනිස්සු ඉන්නවනේ මෙයයිගෙ නීති තර්ක පිළිගන්න…
මේ කරන්නේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරැවා UNP, JVP,TNA එකට ජනතා අනුකම්පාව ගෙන ඒ මත ඔවුන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරමින් දුර්වල රාජපක්ෂ ආණ්ඩුවක් තැනීමේ කොන්ත්රාත්තුවද? මේ…..
dukata neda puthe uba kiya wanne..paw ube samanala life eka
UNP/JVP/TNA all will get maximum 85 seats with all sympathies. MR will get at least 140 seats. and 63% votes. so dissolve parliament will not affect MR.
සුප්‍රීම් උසාවියට යවපු 19 කෙටුම් පතේ, ජනපතිගේ පාර්ලිමේන්තුව විසිරවීමේ බලය වසර 41/2 දක්වා දිගු කිරීමේ සංශෝදනය ඇතුලත් වෙන්නෙ නැහැ….
ඒත් උසාවි තීන්දුවේ පැහැදිලිව සටහන් වෙනවා, …..එතෙක් ජනපති හා පාර්ලිමේන්තුව අතර බෙදී තිබූ බලයන් සැලකිය යුතු වෙනසක් වෙනවා නම් එයට 2/3 අනුමතිය සහ ජනමත විචාරනයක් අවශ්‍යයි කියලා…….
“සැලකියයුතු වෙනසක්” කියන එකට අර්ථය කියවගන්න වෙන්නෙ සුප්‍රීම් උසාවිය 2002 වසරේ මෙවැනි යෝජනාවකට දීපු තීන්දුවකින් ……
සම්පූර්න කාලයෙන් අඩකට වඩා එනම් වසර 3 වඩා වැඩි කාලයකට පාර්ලිමේන්තුව විසුරවන්න බැරි තත්වයක් ගෙන එනවා නම් අනිවාර්යයෙන්ම එය 2/3 සමග ජනමත විචාරනයකට යා යුතු බව එහි සටහන් වෙනවා…….
ඒ අනුව මේ වෙනසටත් ජනමතවිචාරනයකට අනිවාර්යයෙන් යායුතු වෙනවා………
එ වුනත්,…… හැන්සාඩ් වාර්තාවට අනුව …..
සම්මත වූ දිනයේ රාත්‍රී 10 පසුවී එක්වරම මෙ කොටස විවාදය අතරතුරදීම ඇතුලත් කරනු ලබනවා ……
ඊට සුලු වේලාවකට පසුව එය සම්මත කරගනු ලබනවා…
ඉන්පසු ඒ ගැන කිසිවෙකුට කතා කල නොහැකියි….
මගේ ප්රශ්නය …………
මේ ක්‍රියාව …….
ප්‍රජාතන්ත්‍රවාදීද…….
නීත්‍යානුකූලද,./ ව්යවස්තානුකූලද ……..
සදාචාර සම්පන්නද ???…
ඇතුලත් වෙනවා මේක බලපන්.
http://documents.gov.lk/files/bill/2015/3/82-2015_S.pdf
2002 දී විනිසුරුවරුන් 7 දෙනෙක් දුන් තීන්දුවක් 2015 දී අඩු ගණනකින් එය අවලංගු කල නොහැකිවේ. ඒවගේම ජනපතිගේ බලතල පාර්ලිමේන්තුවේදී අඩු කලානම් කෝ ජනමත විචාරණය තිබ්බද? එතකොට බලතල අඩුකිරීම සම්පුර්ණද? UNP එක වැඩක් කළොත් හිලක් තමයි..
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමසා අදාල වෙනස්කම් කර පනත සම්මත කර ඇත. 2015 සි මේ දක්වා එය කිසිවෙකුත් අභියෝගයට ලක්කර නැත. පාර්ලිමේන්තුවේ සම්මත පනත අභියෝගයට ලක්කිරීමටද නොහැක.දැන් එය රටේ නීතියයි.
අද රට ආරාජිකා වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට මොලයක් නැති කමින් බහුතර කැමැත්ත තියෙන මන්ත්‍රීවරයා හඳුනාගැනීමට දැනුමක් සහ ක්‍රමවේදයක් නොදැන සිටීම නිසා.ඒකට කවුරුවත් පලි නැහැ .කීයටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ.113 තියෙනවා ,බහුතරය හරි කියපු අය අයි දැන් මේ පාර්ලිමේන්තුව විසිරුවන්න හදන්නේ.මේ වැඩෙන් මහින්ද මහත්තයත් සවුත්තු වෙලා රට ආරාජික උනා.පොහොට්ටුවට වැඩ කරන අපට නම් මේ වැඩ ගැන විලිලැජ්ජයි.මේවා ඉතින් දෙපිට කාට්ටුවොන්ට නම් හොඳයි.
සිරිකොතේ වැසිකිලියේ සිට ලියන වග නම්.
රත්ගම අයියා ඔය ඉංගිරිසියෙන් ලියලා තියෙන 33(1) ව්‍යවස්ථාව කියෙව්වද ? තෙරෙනවද ?
ඇයි භාෂා දෙක අතර පරස්පරයක් තිබේ නම් පිලිගතයුතු සිංහල පිටපතයි. කෙසේ වෙතත් සරත් සිල්වා යනු ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම අගවිනිසුරු වන අතර තම වෘත්තිය ගනිකා වෘත්තියේ යෙදවූ කෙනෙක්.දැනට ඔහු කරන්නේද එයයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සම්මතවූ පනතක් පාර්ලිමේන්තුවේම අභියෝගයට ලක්කරනු විනා ශ්රෙෂ්ඨාධිකරනයේ අභියෝගයට ලක්කල නොහැකියි. පාර්ලිමේන්තුව නීති සම්පාදක ආයතනය වන අතර අධිකරණය එම නීති බලාත්මක කරන ආයතනයයි. අදාල පනත සම්මත වූ අවස්ථාවේ පරාජය කරනු විනා දැන් කලහැක්කක් නැත. එයත් හරියට ජනාධිපති තීරණ අධිකරණයතුල අභියෝගයට ලක්කල නොහැකිවාක් වගෙයි. හැබැයි අපේ රට විධායක ජනපති ධුරය හරකෙකුට හෝ ඒකාධිපතියෙකුට ගියොත් කල හැක්කේ කුමක්ද යන්න පමාවී හෝ සොයාබැලිය යුතුය.
Dear Rathgama,
If the RW govt was still there there won’t be a country for us.
best is to dissolve the parliament and for MR to come with 2/3 majority parliament and clean up the mess the NGO, LTTE diaspora and western interest forced on us thru the traitors RW and the clan. Therefore the aim is to have new general elections.
Pohottuwa wage pennana hadana mu UNP kepuwath kola ekek.
paw appa muge samala life ekata kelaunata mu me nan doda wanne
මහින්දට බැහැලා වැඩ කරන බව පෙන්නන්න හැදුවට වැඩක් නෑ. රත්ගමගෙ පෙලුව හෙනේ. Running with hares and hunting with the dogs 🙂
19න් පස්සේ මේ තර්ක වැඩක් නෑ…
පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේ ය. කියල තියෙනවා..
2002 ඒවා දැන් වැඩක් නෑ…..
‘නොකල යුත්තේය’ කියන්නෙ කරන්න බෑ කියන එක නෙමෙයි. බැරිනම් ‘කල නොහැක ‘ කියන්න ඕනෙ. ☺️
සරත් එන්. සිල්වා… හා හා… ඔය මනුස්සයාගෙන් උපදෙස් ගන්න ගියොත් මහ විනාශයක් වෙන්නේ! අපිට නම් කියන්න තියෙන්නේ එක දෙයයි! රාජපක්ෂ මහතාට තිබුන අවස්ථාවට විනාශකරගත්තා!!! මෛත්‍රී කියන්නේ දුරදිග හිතලා වැඩ කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි කියලා දැන් ඔප්පු කරලා ඉවරයි!
dura diga bala bala hitapan poniya ratama wikunala iwara wena kal.
SNS Ge Upedes ahalai oya kelawagatthe…
Oya Winisora Langa Innakan Horuntah Abasaranai…Oooon Kiwwa
Walgama friends are afraid of dissolving the parliament because he has already got his position in the hearts of pohttuwa people, he may have a place in unp list.
Is this true.if so, wise decision would be dissolve the parliament as soon as possible and request public to franchise new regime.People will give its mandate to stable government. Either UNP or SLPA. H.E. must seek supreme Court interpretation & based on that take a decision.
19 වැරදි තැන් තිබේ නම් ඒක නීතියානුකුල නැතුව ඇති. ඒක නිසා 18 තමයි නීතියානුකුල. ඒක නිසා මහින්ද මහත්තයාට යලි ජනාධිපති වරනයට ඉල්ලන්නත් පුලුවන් වෙන්න ඔන !
api ranilta wiruddayi
namuth rata keewe, arajika kale adi hayak polwa yatata danna hiti ,mahinda,agamethi karawu nugath (yantham O.L.) girama sewakayaya
2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය.
ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය.
ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී සිටි තවත් කණ්ඩායම්වලටය. එවකට අග්‍රාමාත්‍ය වශයෙන් මෙම ආසන 157ක මන්ත්‍රි කණ්ඩායමට නායකත්වය දුන්නේ දි.මු. ජයරත්න මහතාය.
ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති වශයෙන් පත්කිරීම සඳහා ඉන් මොහොතකට පෙර නව ජනාධිපතිරයා විසින් එක පෑන් පහරකින් ආසන 157ක් තිබූ අගමැති දි.මු. ජයරත්න මහතාව ඉවත්කොට තිබිණි.
එහෙත් ඉන් මාස 45කට පසු එම ජනාධිපතිවරයාම එම ක්‍රියාව එම ආකාරයෙන්ම කොට පාර්ලිමේන්තුවේ පැහැදිලිවම ආසන 72ක බලයක් තිබුණු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ විට රනිල් වික්‍රමසිංහ මහතාට, ඔහුගේ යහපාලන සගයන්ට, ජනතා විමුක්ති පෙරමුණට, ද්‍රවිඩ ජාතික සන්ධානයට මෙන්ම බටහිර තානාපතිවරුන්ට මේ ක්රියාවේ අතිශයින් ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් ලෙස පෙනෙන්නට පටන් ගෙන ඇත. කට උල් කරමින් ඇස් නටවමින් සමහරු මෙය සදාචාර විරෝධී ක්‍රියාවකැයි කියන්නේ ඒ නිසාය.
MAWBIMA
ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද
මෙයට උත්තරය ඔව්. 19 වෙනි ව්‍යවස්ථාවට ප්‍රථම විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන නිතිය හා පරිපාලනය පැවතිය. 19 වෙනි ව්යවස්ථාවෙදි විධායකය වෙනස් කිරිමට යෝජනා කලේය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විධායකට අදාල දේවල් නොවේ අනිත් දේවල් වෙනස් කල හැකි බව පැවසිය. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම වැටෙන්නෙ විධායකයේ ජනමත විචාරණයකින් වෙනස් කල යුතු බලතල වලටයි. එබැවින් 19 වෙනි ව්‍යවස්ථාවේ එන නෛතික බලය වලංගු නොවේ. ඒ සදහා ජනමතවිචාරණයක් නොපැත්වු බැවින් තවම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුද්දක් ඉකුත් වු විට විසුරුවා විය හැකිය. මෙය සැකයක් තියෙනවානම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද විමසිය හැකිය.