පාර්ලිමේන්තුව විසුරුවීමට සුදානමක්.. ජනපති නීති අංශ කැදවයි..

November 6, 2018 at 11:04 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීමට සුදානමක්.. ජනපති නීති අංශ කැදවයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විශාරධයන් කිහිප දෙනෙකුගෙන්ම උපදෙස් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට සීමා කර ඇති නමුත් මහ මැතිවරණයක් කැදවිය හැකි ආකාර කිහිපයක්ම ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

පිරිසක් පෙන්වා දී ඇත්තේ 19 වන සංශෝධනය නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් අවශ්‍ය දැයි ජනමත විචාරණයක් කැදවා මහජන මතය අනුව මහ මැතිවරණයක් කැදවිය හැකි බවත් තවත් පිරිසක් පෙන්වා දී ඇත.

ආසන්නයේම පැවැති මැතිවරණය වූ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ලැබුනු දැවැන්ත පරාය වත්මන් පාර්ලිමේන්තුවෙන් නිරූපනය නොවන නිසා වඩාත් යෝග්‍ය වන්නේ මහ මැතිවරණයෙකින් ජනතා මතය දැනගෙන නව විකෘති නොවූ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම බව මහින්ද පාර්ශවයේද අදහස වී ඇත.

23 views

37 Comments to “පාර්ලිමේන්තුව විසුරුවීමට සුදානමක්.. ජනපති නීති අංශ කැදවයි..”

  1. UNP GAL IBBA says:

    ජනපති තුමාට කරන්න තියෙන හොඳම තිරණය තමයි මේ බලලෝබී රනිලාව එලවා දැමීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අලුත් චංඳයක් මගින් මහජනයා තීරණය කොරාවී කාටද චංඳය දෙන්නේ කියා පමා නොවන්න දේෂය ගසාකන්නට සැරසී ඉන්නා වීදෙෂබලවේග ඇස්පුඹාගෙන ඉන්නේ රනිලාව බලයට ගෙන ඒමට​????

  2. Thusitha says:

    Fantastic idea… 👌👌👌👌

  3. srisoma says:

    Onna Hanuma… Pala Pala ginitiyagena tholonnchi welaaaama

  4. Seeya Baba says:

    i suggest that referendum be held to see whether majority are with the Ranil or Mahinda

  5. Pilath says:

    apita dan bahuthara tibenawa kiapu hitan hutata kapu gu ratwune mokada ??

  6. sathyapala says:

    තමන්ටයි බලය තිබෙන්නේ කියා දෙගොල්ලන්ම කියන නිසා ඇත්තටම කාටද තිබෙන්නේ කියා ඔප්පු කල හැකි එකම සහ ප්‍රජාතන්ත්‍රවැඩිම ක්‍රමය එයයි. අවාසනාවට එජාපය භීතියෙන් මුසපත් වෙලා. දැන් හිතනවා මහින්දගේ රජය පිළිගෙන විපක්ෂයේ ඉන්න එක හොදයි කියලා. මැතිවරණයකට ගියහොත් එජාපය විනාශ වෙනවා. රනිල් බලන්නේ තම බිරිදට පක්ෂයේ නායකත්වය පවරන ක්‍රමයක්. සජිත් බලන්නේ මෙවර හොදින් හෝ නරකින් බලය අල්ලන්න. කතානායක බලන්නේ තම බෑනා වන නවින් දිසානායක පක්ෂයේ නායකයා කල හැකි උපක්‍රමයක්. මේ ගැටුම් හා එජායේ ජන්ද පදනම දැනටත් බින්දුවට වැටි ඇති විටක මන්ත්‍රීවරු 10-15 කට වඩා පත් නොවන බව දන්නා දැනට ඉන්නා මන්ත්‍රීවරු බියෙන් සලිතව විකාර දෙඩවීමට පටන්ගෙන ඇත.

  7. Mangala says:

    Meka thamai wisuruwaharinna hondama awasthawa. Ehata mehata panapu salli podiwalin tikak hari samajagathawenne natha.

Main News