පාර්ලිමේන්තුව විසුරුවයි..? හදිසි මැතිවරණයක්..?

May 7, 2022 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවයි..? හදිසි මැතිවරණයක්..?

පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා රජයේ අවධානය යොමුවී තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු ඒ සඳහා ඇති හැකියාව ගැන සෙයා බැලිමට අවධානය යොමුව ඇත.

වත්මන් පාර්ලිමේන්තුව විසිරවීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව තුළින්ම යෝජනාවක් සම්මත කර ගැනීමයි.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට අවසර ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ කාලසීමාව වසර තුනක් වූ පසුයි.

එනිසා පාර්ලිමේන්තුවට විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් පසු හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට යයි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද පක්‍ෂ 11 සමග වූ හමුවේදී සදහන් කර තිබුනේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් සදහා සොයා බලමින් සිටින බවය.

114,101 views

11 Comments to “පාර්ලිමේන්තුව විසුරුවයි..? හදිසි මැතිවරණයක්..?”

  1. Sinhalaya says:

    Me kalakanninta molayak nethda, arthikaya kadaweti ethi welawe mona chandayakda bolaw.rate arthikaya palamuwa goda ganimu. Pasuwa chandayakata yamu. Mona eka chanden awath rata agathayatama yawi hamudawata rata bara denna rate winaya goda naganna.

  2. Sunimal says:

    බොරු කථා. . .. වැල් බයිලා …… කාලේ අදින්න .,…..

  3. කිරිහාමි says:

    පාර්ලිමේන්තු මැතවරණයේන් පස්සේ බඩු වල ගණන් අඩු වෙයි ද?

  4. Priyankara says:

    Thiyannd Doshabiyogaya, Apita balaganna ona kawda Bala perethayo, kawda mahajanathawage paththe inne kiyala. Boru rangapam karala, mahajanaya rawattanna , deshapaluwanta ida denna baha.

  5. අරුණ says:

    ඕකට අම්මපා බෝම්බයක් තියන්න ඇත්නම් 225 ම නැති වෙලා යන්න.

  6. බම්බු ගසන ජනපති says:

    නියම ජනමතය නියෝජනය නොවන මැතිවරනයකි.නිළධාරින් අපහසු තත්වයට පත්වනු අැති.කුමන ප්රතිපලයක් එලියට අාවත්.ජනතාවට සෙතක් නැත.

  7. ලහිරු සමරකෝන් says:

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ව්සිරුවා හැරීමට හැක්කේ පලමු වර පාර්ලිමේන්තුව රැස් ව් වසර 2 1/2 කට පසුවය.එසේවුවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රවරුන් 113 ක සරල බහුතරයක ජන්දයෙන් යෝජනාවක් සම්මතයකින් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ව්සුරුවා හැරිමට හැකිය.

  8. Sunil Perera says:

    මුන් ඔය වෙන නොවෙන එක එක දේවල් ගැන කථා මවන්නෙ , ජනතාව නොමග යවලා එල්ලවන විරුද්ධත්වය යටපත් හෝ අඩාල කරන්න….මුන් කවදද රටට ඇත්තක් කිව්වේ…

  9. හෙලයා says:

    මේ තියෙන වියවස්තා අටමගල එක්ක තවත් මැතිවරණයකට යෑම.නිස්පල වැඩක්. අඩුම තරමෙ ජාතික නාම.යෝජනා මන්ඩලයකින් අප්‍රෙක්සකයින් ගෙ පැටිකිරිය සොයා බලා නාම.යොජනා අනුමත කිරීමක් හො සිදුවිය යුතුමයි. නැතිනම් හිරු රෑනක් දමා එකෙක් තෝරන්න කියල ජනතාව ට කිසිදු සෙතක් නැහ..

  10. හෙලයා says:

    මේ තියෙන වියවස්තා අටමගල එක්ක තවත් මැතිවරණයකට යෑම.නිස්පල වැඩක්. අඩුම තරමෙ ජාතික නාම.යෝජනා මන්ඩලයකින් අප්‍රෙක්සකයින් ගෙ පැටිකිරිය සොයා බලා නාම.යොජනා අනුමත කිරීමක් හො සිදුවිය යුතුමයි. නැතිනම් කම්බ හොරු රෑනක් දමා ඉන්එකෙක් තෝරන්න කියල ජනතාව ට කිසිදු සෙ තක් නැහ..

Main News