පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට.. ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..

February 25, 2019 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට.. ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..

බහුතර බලය තහවුරු කර ගැනීමටත්, ඇමති ධුර වැඩි කිරීමටත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් බලාපොරොත්තු වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.

ජාතික ආණ්ඩු යෝජනාව අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ ගත්තද බහුතරයකින් සම්මත කිරීම සම්බන්ධයෙන් ඇති වූ අවිනිශ්චිතතාවය මත එය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය සම්මත වුවද නැතද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් එජාපය විසින්ම ඉදිරිපත් කිරීමට සාකච්චා වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

178 views

5 Comments to “පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට.. ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..”

  1. නලින් says:

    මුන්ව විස්වාස කරන්න එපා මෙහෙම කියන ගමන් පාර්ලිමේන්තුවේ බහුතරය හොරෙන් සල්ලි වලට අරගෙන ඒවගේම විරුද්ද වෙන කට්ටිය කොහේ හරි ගිය වෙලාවක මුන් ජාතික ආණ්ඩුවකට අත උස්සලා සම්මත කරගනීවි .මුන් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ එකම විකල්පය ජනපතිතුමා විසින් විසුරුවිම පමණයි

    • බන්ඩා says:

      ජනාධිපතිට වසර 4 1/2 කට පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියල රනිල් සම්බන්ධන් පත් කල ව්‍යවස්ථා සභාවෙන් පත් කල නඩු කාරයො නියොගයක් දුන්නනෙ

  2. Nim says:

    UNP HORA HATHA
    KOHOMADA WESWASA KARANNE ?
    RA NIL GE GATA.
    ASEYAWE SEDUWU
    MAHA BANKU MANKOLLAYE
    THAWAMA KISEMA WESADUMAK NAHA.

  3. Kadiya says:

    Karu-maya will suspend 54 MP s of UPFA accusing violations of Parliament rules. Then UNP will pass national government act and the budget.

  4. නිළමේ says:

    විසිරවු විදියට මහ ඡන්දෙකට ගියා නම් ඉවරයිනේ, දැං හිටපල්ලා ගලේ පහරනු බළලා වගේ.

Main News