පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 බලය දීමට එජාප පිරිසක් තීරණය කරති..

November 19, 2019 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 බලය දීමට එජාප පිරිසක් තීරණය කරති..

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් තීරණය කර තීරණය කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ලද ජනමතයට ගරු කරමින් දැන් මහ මැතිවරණයක් කැදවිය යුතු බවයි.

ඇමති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිසක් එකඟ වී තිබෙන බවයි.

අගමැති වික්‍රමසිංහ මහතා සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කලේය.

44 views

6 Comments to “පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3 බලය දීමට එජාප පිරිසක් තීරණය කරති..”

  1. Chethiyasena says:

    Oh! Oh!
    Probability of getting 2/3 at General Election drops!
    ☹️

  2. Rata Wenuwen says:

    ගාල්ල ගූඇන්පිය දිනුවේ ගාල්ලේ ජීවත්වන කොනකපාලයෝ පොහොට්ටුවට චන්දය දුන්නේ නැති නිසා බව කවුරුත් දන්නා කරුනකි

    • Kadiya says:

      මීගමුවේදී ජනාධිපතිවරණ චන්දයෙන් පොහොට්ටුව පරාදයි. මේ පරාජයට සාධක කීපයක් බලපෑවා. ප්‍රධාන සාධකය නම් ජන වර්ග සහ ආගම්. දල වශයෙන් මීගමුවේ 20% සිංහල බෞද්ධ, 25% මුස්ලිම්, 35% කතෝලික, 20% හින්දු දෙමළ වන සංයුතියයි. ඒ අතරේ මීගමුව නගරය යටකරගෙන සිටින කප්පම් සංස්කෘතිය, නූගත් පාදඩයන් විසින් නගරය පාලනය කිරීමට එරෙහි ජන මනසේ ඇති විරෝධය මේ ප්‍රථිපලය සඳහා බලපෑ හේතුන් අතර වෙනවා. ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ තත්වය සමනය කිරීමට පොහොට්ටුව සාධනීය පියවර නොගතහොත් මීගමුවේ පරාජය මීට වඩා විශාල වනු ඇත.

  3. Aurora says:

    සිරිසේන මහලොකුවට පාරම්බාමින් හිටියා මතකද ජනාධිපති සතුව තිබුණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අතහැරීම මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් කියල. පොහොට්ටුව ජනාධිපතිවරණය ආරම්භයේදීම කිව්වා ජනාධිපති පත්කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා කියල, ඒ සඳහා වරමක් දෙන්න කියල. දැන් ඒ වරම ජනතාව විසින් දීල තියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ජන වරම අනුව දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ගත යුතුයි. නැතිනම් රට අස්ථාවර වෙනවා. මීළඟ පාර්ලිමේන්තු මැතිවරණෙන් නියත පරාජය ලබන පෙන්ෂන් එකට පෙරේත UNP මන්ත්‍රීවරු කිසිලෙසකින්වත් 2/3 අරන් පාර්ලිමේන්තුව විසුරුවන්න චන්දෙ දෙන්නේ නැහැ. රටට මොන විනාශේ වුනත් තමුන්ගේ පෙන්ෂන් එක බේරගන්නයි මුන් වලිකන්නේ.

    • NAK says:

      These UNP back benchers who are so greedy for a pension will not be eligible for a pension anyway because the president can and will dissolve parliament after four and half years if it is not done before.
      So, it becomes another flimsy excuse to hang on to power for a few more months.

  4. 77 UNP says:

    පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම අවහිරකිරීම UNP යටම පාරාවළල්ලක් වීම සඳහා පොහොට්ටුව කටයුතු කල යුතුය. ඉතාමත් ඉක්මණින් ගෝඨාභය මැතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතාව ජීවත්කිරීමේ වැඩපිළිවෙල එලි දැක්විය යුතුය. එය ක්‍රියාත්මක කිරීම අවහිරවන සියලුම පාර්ලිමේන්තු ක්‍රියාවන් ජනතාවට ඉතා හොඳින් පැහැදිලි කලයුතුය. පාර්ලිමේන්තුව විසුරවන එක ප්‍රමාදවන දිනයක් පාසා සිදුවන හානිය UNP ය දිශාවටම යොමුවන උපාය මාර්ගයක් සැකසීම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම අවහිරකිරීම UNP යටම පාරාවළල්ලක් වනු ඇත. 2020 පාර්ලිමේන්තු මැතිවරණය ලක්‍ෂ 75 ක ඉලක්කයක් සපුරාගැනීමක් වේවි. පොහොට්ටුවට ජයවේවා !

Main News