පාර්ලිමේන්තු පලාත් සභා මන්ත‍්‍රී රොත්තක් මහින්දට එක්වෙයි.. ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටු සමුළුවට..

July 13, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු පලාත් සභා මන්ත‍්‍රී රොත්තක් මහින්දට එක්වෙයි.. ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටු සමුළුවට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස කණ්ඩායමක් ලෙස සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමුළුවේදී එම පක්ෂයට එක්වීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

මෙසේ එක්වන පිරිස අතර පලාත් මහ ඇමතිවරුන් ලෙස කටයුතු කරන ලද පුද්ගලයන් දෙදෙනෙක්ද සිටින්නේ යයි ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය එන මස 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවත්වෙයි.

එහිදී පක්ෂ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමට නියමිතය.

171 views
Main News