පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායකගේ රියේ ගැටී පුද්ගලයෙකු මරුට..

September 29, 2017 at 8:02 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායකගේ රියේ ගැටී පුද්ගලයෙකු මරුට..

අම්පාර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ගමන් කල වාහනය සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

යතුරුපැදියෙන් ගමන් කල පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇත්තේ අද අලුයම අම්පාර, කරංගාව ප්‍රදේශයේදි වූ රිය අනතුරෙනි.

විමලවිර දිසානායක මහතාද අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ සිට ඇති අතර එහි රියදුරු පොලීසිය බාර වී ඇත.

අනතුර හේතුවෙන් යතුරු පැදියේ ගමන් කල අනෙක් පුද්ගලයාද තුවාල ලබා රෝහල්ගත කර සිටී.

15 views